Wednesday, December 21, 2011

ෆොන්සේකා ගැලවුම්කරුලේ භුමිකාවෙන් ඇද දැමීම හෙවත් මහජන ව්‍යාපාර දෙපයින් සිටුවීම.

ගහකොළ වල මල් ඵල හට ගන්නේ රාජපක්ෂවරුන්ගේ පිං මහිමය නිසායැයි පසුගියදාක මර්වින් සිල්වා ප‍්‍රකාශ කලේය. ඊට විපරීත ලෙස පසුගිය වකවානුවේ ඇතිවු සියඵම ස්වභාවික උපද‍්‍රවයන්ට පාදක වුයේ මහපොලොව පවා නුහුලන ලෙස සරත් ෆොන්සේකාට දුන් දඩුවම නිසායැයි විපාක්ෂිකයින් කියන්නට යෙදුනි.

එලෙස සියඵ දේශපාලන ගතිකයන්ගේ වෛශයික සාධකයන්ගෙන් විගමිත වෙමින් දේශපාලන චලිතයන් පිං පව් නැතිනම් දේශපාලන පාරභෞතිකයන් මත කිරා මැනෙද්දි රාජපක්ෂවරු සුර ලෙස සමස්ථ රාජ්‍යම අවශෝෂණය කරගනිමින් සිටී. යුධෝන්මාදය , ජාතේ‍යාන්මාදය තුල සමස්ථ රාජ්‍යම ගිල්වා බහුජනතාව ඒ මත රමණයේ යෙදෙන්නට සලස්වා ඇත. මීට අවුරුදු කිහිපයකට පෙර පොදු මහජනතාව අතර අඥාත පුද්ගලයකු වු සරත් ෆොන්සේකා කරලියේ දිදුලන තරුවක් බවට පත්වන්නේ එකි රමණයට පිං සිදුවන්නටය. ෆොන්සේකා නැමති යුධ වීරයා (?* දේශපාලනික වශයෙන් ඔසවා තැබු පක්ෂ සහ සංවිධානයන්ට ස්වකීය අභ්‍යන්තර අර්බුධයන් අභිමුඛව ඔහු දෙවනි පන්තියේ විශ්‍යයක් බවට පත්වද්දී එදිනෙදා වේල පිරිමසා ගන්නා විචාරකයින් හරහා සරත් ෆොන්සේකා භාවතිෂය විශ්‍යයක් බවට පත්වීමද අරුමයක් නොවේ.

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මත ප‍්‍රතිෂ්ඨා වු වර්ගවාදි සහ ශුද්ධ දෘෂ්ටිවාදය අක්මුල් නොමැතිව ඔ්පපාතිකව පහල වුවක් නොවේ. යටත් විජිත විරෝධි අරගලයන් හරහා තියුණු සහ මුවහත් ස්වභාවයක් අත්කරගත් එය යටත් විජිත යුගයෙන් පසුවද ක්‍රොම්පදෝරු සහ ජාතික ධනේෂ්වරයේ වංසක්කාර ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාජ්‍යයේ ප‍්‍රධාන මතවාදය වශයෙන්ද සුවිශේෂි වැදගත්කමක් උසුලනු ලැබේ. පාලක පන්තීන් විසින් උපක‍්‍රමිකව ඉතා සීරුවෙන් හැසිරවු මෙම දෘෂ්ටිවාදය නිර්ලජ්ජිත ප‍්‍රදර්ශනකාමි ස්වරූපයෙන් ඔජදැමිම සිදුවුයේ සුඵ ධනේෂ්වර ජනතා විමුක්ති පෙරමුණේත් ලුම්පන් හෙල උරුමයේත් බෞද්ධ සංස්ථාවන්හී ඝේෂාකාරි ප‍්‍රචාරකවාදීනුත් හරහාය. වාර්ගික සහයෝගය සදහා ධනේෂවරයේ ප‍්‍රයත්නයන් පවා වර්ගවාදින් විසින් සාර්ථකව අපසරණය කරනු ලැබුවේද රාජ්‍යයේ දෘෂ්ටිවාදය වර්ගවාදි ආස්ථානයක් ගත් නිසාවෙනි.

පාලක පන්තින්ගෙන් බැහැරව වර්ධනය වු සිංහල ස්වෝත්තමවාදි දෘෂ්ටිවාදය සහ පාලක පන්තින් නියෝජනය කල එම දෘෂ්ටිවාදය අතර ප‍්‍රධාන ඛණ්ඩනය වුයේ පාලක පන්තිනගෙන් බැහැර වු කණ්ඩායම් එය අති ධාවනකාරි ස්වභාවයකින් හසුරුවනු ලැබිමය. රාජපක්ෂ හරහා සිදුවුයේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදි දෘෂ්ටිවාදය නඩත්තු කල සියඵ පාර්ෂවයන් සිය පාලනය තුලට උරාගැනිම සහ ඒ හරහා ඔහුන්ගේ අනන්‍යතාවයන් දියකර දමමින් එම දෘෂ්ටිවාදයේ මුලික ප‍්‍රභවය බවට රාජපක්ෂවරුන් පත්විමත්ය. ඒ හරහා රාජ්‍යයේ සිඵ පාර්ෂවයන්ට රාජපක්ෂ දෘෂ්ටිවාදය සමග අනන්‍යවිමට බලකෙරෙනු ලැබිය.

රාජපක්ෂවරුන්ගේ බල ස්ථාපනයට දැඩිලෙස පාදක වුයේ යුධ ජයග‍්‍රහණයයි යන්න එකි දේශපාලනය ලඝු කෙරෙන පටු විචාරයකි. ඔහුන්ගේ බල මුලයන් ස්ථාපනය විමේදි ප‍්‍රාථමික අදියරේදි දෘෂ්ටිවාදි තලයේ ඔහුන්ගේ අත්පත් කරගැනිම් ගාමක බලවේගය ලෙස කි‍්‍රයාත්මක වුනි. ලාංකීය දේශපාලනය තුල හෙජමොනික ආධිපත්‍ය රාජපක්ෂවරුන් දෘඩතරව ස්ථාපිත කල අතර එය සාර්ථකව වර්ධනය කරමින්ද සිටි. එකි දේශපාලන රූපයේ ස්වස්ථදායිභාවය රාජපක්ෂවරුන්ට එරෙහිව වරණය කරනු ලබන දේශපාලනික විකල්පයන්ගේ (?* සීමාමායිම් පවා රාජපක්ෂ නැමති මහා සාධකය හරහා නිර්ණය විමෙන් ම විශද වේ.

යුද්ධය සදහා ඇවැසි දෘෂ්ටිවාදි පසුබිම අත්තිවාරමේ සිට ගොඩනැගිමට රාජපක්ෂවරුන්ට සිදු නොවුනි. ඔහුන් කලේ පැවැති දෘෂ්ටිවාදයන් වඩා සවිමත් කිරිම සහ පුඵල් විසරණයකට පාත‍්‍ර කිරිමත් ඊට ප‍්‍රතිපක්ෂ සියඵ දෘෂ්ටිවාදයන් සිංහලයා මුල්කොට ගත් දාෂ්ටිවාදය තුලට සාර්ථකව උරා ගැනිමත්ය. පීඩිත දමිල අරගලය දරුණු ලෙස පාගා පොඩිපට්ටම් කර දැමිමෙන් අනතුරුව දෘෂ්ටිවාදයේ ප‍්‍රායෝගිකත්වය භූමිය තුල රාජපක්ෂවරුන් හරහා සත්‍යාපනය වු අතර එය ඔහුන්ගේ බල ස්ථාපනයේ ද්විතික අදියරයි. පැහැදිලි ලෙසම සිංහලයා උත්කර්ෂයට පත් කරන ලද යුධෝන්මාදවාදි මතවාදය සමග විකල්ප මතවාදයක් දකුණේ හො උතුරේ නිෂ්පාදනය නොවු අතර එහි අවසාන ප‍්‍රථිඵලය වුයේ පශ්චාත් නන්දිකඩාල් ලංකාව තුල රාජපක්ෂවරුන් සහ සිංහල ස්වෝත්තමවාදයත් අසහායත්වයට නිරවශේෂයෙන්ම පත්විමය. සිංහල ආධිපත්‍යට අතුල් පහර දෙමින් වර්ධනය වු උතුරු ප‍්‍රවනතාව ජාතික රාජ්‍ය තුල සිංහලයන්ගේ විශේෂයෙන්ම සුඵ ධනේෂ්වරයින්ගේ ධ්වජභංගයට හේතු වු අතර රාජපක්ෂ හරහා ජාතික රාජ්‍යයේ සිංහල ආධිපත්‍ය ප‍්‍රතිෂ්ඨා කිරිම රාජපක්ෂවරුන් ගැලවුම්කරුවන් තෙක් විස්ථාපනය විමට තරම් ප‍්‍රබල විය.

එහි නිසග ප‍්‍රථිඵලය වුයේ රාජ්‍ය සහ පුරවැසි කි‍්‍රයාකාරිත්වය ඇතුඵ සියඵ කි‍්‍රයා සන්තතින් සිංහල ස්වෝත්තමවාදය තුල වැඩිය යුතු අතර රාජපක්ෂවරුන්ට එරෙහි බල අරගලයක් පවා එකි දෘෂ්ටිවාදයෙන් විගමිතව සිදුවිය නොහැකිය යන ලඝු හුවා දැක්විම ශේෂ විමය. රාජපක්ෂවරු භුමිය තුල ලද යුධ ජයග‍්‍රහණය රාජ්‍යයේ සියඵ පක්ෂ , සංවිධාන හා පුරවැසි පදනම් පුපුරුවා දැමු අතර සියල්ල රාජපක්ෂ සංස්කෘතියකට තල්ලු කර දමනු ලැබිය. රාජපක්ෂ සංස්කෘතිය යනු රාජපක්ෂවරු හරහා ගොඩනැගෙන දෘෂ්ටිවාදි සහ භුමියේ ස්ථාපිත වීම් යන සියල්ලේ ෙඓකයයි. රාජ්‍ය සහ රාජපක්ෂවරු යන්න ඒකත්වයට පත් වු අතර මුඵමහත් රාජ්‍යම රාජපක්ෂ සංස්කෘතියේ අයෝමය ග‍්‍රහණයෙන් වෙලා සියල්ල රාජපක්ෂවරුන් සමග අනන්‍ය කරනු ලැබිය. ඉන් අනතුරුව සිදුවන සියඵ දේශපාලන චලිතයන් ඉන් පිටුබලය ලත් හො ඉන් පැනනැගුනු ඒවාවේ. පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිපාක්ෂිකයා රනිල් වික‍්‍රමසිංහයන් නොවි සරත් ෆොන්සේකා බවට පත්වුයේ එහි ප‍්‍රථිඵලයක් ලෙසය. රාජපක්ෂවරුන්ගේ යුධ ජයත් ,ජාතිය සහ ආගම කේන්ද‍්‍ර කොටගත් පසුගාමි දෘෂ්ටිවාදයත් ඊටත් වඩා රාජපක්ෂ සංස්කෘතියටත් විකල්පයක් එ.ජා.ප. යට හො රනිල් වික‍්‍රමසංහයන්ට නොවු අතර ව්‍යාජ සාමවාදි ඇගඵම් උනා දමා නිරුවතින් සිල්ලර යුධෝන්මාදය තුල රගන්නටත් ඊටත් ශෝචනීය ලෙස ස්වකීය පක්ෂයේ ගෙල සිරකරමින් රාජපක්ෂකරණය විමටත් සිදුවිය. ග‍්‍රාමිය තරුණකැල පදනම් කරගත් අවස්ථාවාදි සුඵ ධනපති උපනතීන් සහිත ජ.වි.පෙ. රාජපක්ෂ දෘෂ්ටිවාදයේ පූර්ව හිමිකරුවකුත් එකි පාලක තන්ත‍්‍රය බිහිකිරිමේ කාර්්‍යභාරයට උරදුන් සුපිරි පාර්ෂවකරුවකුත් වන අතර රාජපක්ෂ හො එකි සංස්කෘතියට විකල්පයක් හො ප‍්‍රබල විරෝධාභ්‍යාසයක් දැක්විමට හො ජ.වි.පෙ. ට ශක්‍යතාවක් නොමැත. රාජපක්ෂවරු ඔසවාගෙන යන ජාතිවාදි ධජය ජ.වි.පෙ. ද හිිරිකිතයකින් තොරව දරා සිටින අතර එය බිමදමා පාගා පොඩිපට්ටම් කොට ස්වයං විවේචනයකට ජ.වි.පෙ. එලඔිය යුතය. මෙකි සියඵ පාරිසරික සාධකයන්ගේ අවසාන නිමවුම වුයේ යුධෝන්මාදය තුල රමණයේ යෙදෙමින් හුන් බහුජනතාවගේ සූරතාන්තයේ කල් දික්කරනු වස් ප‍්‍රතිපාක්ෂිකයා බවට ෆොන්සේකා පත් කිරිමය. ජනාධිපතිවරණයේදි දෙපාර්ෂවයම අලෙවි කලේ යුද්ධය සහ වීරත්වයයි. නැතිනම් ජාතියක් ලෙස රාශිගත වෙමින් සිංහලයා විසින් දරුණු ලෙස සුරාකන ලද පාගාදමන ලද මර්ධනය කරන ලද දමිල ජනතාවගේ පෙරලා පහර දිමේ ප‍්‍රකාශනය වු කැරලිකරුවන් ඝාතනය කොට දැමු යුධ සංස්කෘතියේ හිමිකාරිත්වයයි. එහි දේශපාලනික නියමුවා සහ සටන් නියමුවා අතර වු තරගයෙන් දේශපාලන නියමුවාත් ඔහුගේ පවුල් සංස්ථාවත් ජයගනු ලැබිය. සමස්ථ ජනාධිපතිවරණයම දකුණ , පෞර්ෂය , පිරිමිකම , සිංහලකම අතර දෝලනය වුවක් විය. එහිදි ජනපි‍්‍රයවාදි මහජන පදනමක් සහිත දේශපාලන නායකත්වයේ ජයග‍්‍රහණය අභව්‍ය වුවක් නොවේ.

ජනාධිපතිවරණයෙන් එලෙඔන කාලය තුල සරත් ෆොන්සේකා කේන්ද‍්‍ර කරගත් මර්ධනය ඔහු මත අනවතරව කි‍්‍රයාත්මක වේ. එය රාජපක්ෂ පාලනයේ පැසිස්ට් ස්වරූපය ගම්‍ය කරන්නකි. ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධි පැසිස්ට් රාජපක්ෂ පාලනයට එරෙහි විපාක්ෂික බලවේගයන් සංචිත වනුයේ සරත් ෆොන්සේකා වටාය. සරත් ෆොන්සේකා නිදහස් කරගැනිමේ ව්‍යාපාරය ද නිර්ලජ්ජිත ලෙස රාජපක්ෂ දෘෂ්ටිවාදයන් පෝෂණය කිරිම ට‍්‍රැජි කොමඩියකි. යුධකාමියකු ජාතිවාදියකු වෙනුවට එවැනිම යුධකාමියකු ජාතිවාදියකු වරණය කෙරෙන දේශපාලනික විකල්පයක(?* අවශ්‍යතාව පටු බලය අල්ලා ගැනිමේ අභිලාෂයන් මිස අන් කවරක්ද?

ජනාධිපතිවරණයේ ප‍්‍රතිපාක්ෂික අපේක්ෂකයා ලෙස ස්වකීය ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් පරිහරණය කල සරත් ෆොන්සේකාට එරෙහි මර්ධන ව්‍යාපාරයට ප‍්‍රතිරෝධතා දැක්විය යුතුවාක් මෙන්ම එකි ප‍්‍රතිවිරෝධිතාවයන්හීදි අවස්ථාවාදි ලෙස ෆොන්සේකා නැමති විශ්‍ය විචාරක්ෂියෙන් බැහැර වු ශුද්ධ වු තලයක උත්තරාරෝපණය කිරිමද එලෙසින්ම හෙලාදැකීය යුතුය. ස්වකීය ධනේෂ්වර අභිලාෂයන් මුදුන්පත් කරගැනිමේ රාජ්‍ය ඒකාබද්ධ කිරිමේ මෙහෙයුම් යටතේ උතුරේ මෙන්ම දකුණේද භීෂණය ක‍්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් රාජපක්ෂවරු මෙන්ම ඔහුන්ගේ මර්ධණ යාන්ත‍්‍රණයේ හිටපු ප‍්‍රධානියා වු සරත් ෆොන්සේකාද එකසේ වරදකරුවන්ය. මානුෂවාදී වාග්ලංකාරයෙන් සරසවා දකුණේ යුධකාමින් සුරතාන්තයට පත්කරමින් උතුරේ පීඩිත ජනයා මත කි‍්‍රයාත්මක වු හමුදා මැදිහත්වීම් එහි සිදුවු මනුෂ්‍ය ඝාතනයන් , ස්තී‍්‍ර දුෂණයන් මෙන්ම අද වනවිට නැවත වටයකින් බලහත්කාරි සිංහලකරණයෙන්ද මිලිටරි පාලනයන් මගින් උතුර සමතලා කරදැමීම තෙක්ද එහි සියඵ සමපේක්ෂණයන්ටද රාජපක්ෂවරු මෙන්ම ෆොන්සේකාද උන්ගේ දෘෂ්ටිවාදයේ අනුකාරකවාදි ජනරැලද වරදකරුවන්ය. දෙමල ජනතාවගේ ස්වං නිර්ණය අයිතිය වෙනුවෙන් පෙනිසිටි බාහු(සහෝදරයා* වැන්නවුනද ෆොන්සේකා ගෞරවණීය අයකු බවත් ආණ්ඩුව ඔහුට මඩගසන බවත් ප‍්‍රකාශ කරමින් කොන්ද කඩාගැනිම රාජපක්ෂ පාලනයේ සංස්කෘතියට එකි පාලනයේ විරෝධතාකරුවන්ද අවශෝෂණය විම පෙන්වන කදිම නිදර්ෂකයකි.

ලාංකේය භුමිය දේශපාලනික සින්නක්කර ඔප්පු මගින් ප‍්‍රධාන පක්ෂ දෙකකට බෙදාදී ඇති අතර සුපුරුදු අවස්ථාවාදි ලෙසම සියඵම සංශෝධනවාදින් , ප‍්‍රතිසංස්කරණවාදින් එකි බල ව්‍යුහයන් තුලම එල්ලි සිටි. දාහත් වසරක එ.ජා.ප. පාලනය පෙරලා දැමිමේ විවිධ පාරශවයන් සංචිත වු ව්‍යාපාරයද අවසාන වශයෙන් වරණය කරනු ලැබුවේ බණ්ඩාරනායක ලේ උරුමය සහිත විජේකුමාරතුංගයන්ගේ වැන්දඔුව වු චන්ද‍්‍රිකාය. එකි වරණයේ ප‍්‍රථිඵලය වුයේ එම ව්‍යාපාරය විසින් ගොඩනැගු හඩනැගු සියඵ යහප‍්‍රවණතාවයන් චන්‍ද‍්‍රිකා හරහා දුෂණය විමය. රාජ්‍ය බලය නැමති ප‍්‍රපංචය මත සියල්ල ඝනීභූත කිරිම නැතිතම් රාජ්‍ය පාලන බලයෙන් වියුක්තව යහපාලනයක් ගොඩනැංවිය නොහැකිය යන ප‍්‍රතිසංස්කරණවාදි මිත්‍යාවෙන් ප‍්‍රතිෂ්ඨාපිතව බලය ස්ථාපිත කිරිම නැමති පටු අවස්ථාවාදි අරමුණින් මෙහෙයවන සංවිධානයන් ජනපි‍්‍රයවාදි හො ප‍්‍රචාරකවාදි ශක්‍යතාවයක් සහිත කේවල පුද්ගල චරිත මත සංකේන්ද‍්‍රණය වේ. තමන්ගේ පදනම් ගොඩනගා ගැනිම් පිලිබද සංශයම ඔහුන් ගතානුගතික ප‍්‍රතිගාමි ජනපි‍්‍රය නායකයකු වටා සිය ගොඩනගා ගැනිම් අවසානයේ සංකේන්ද‍්‍රණය කරගනි. එහිම අවියෝජනීයතාවයන්ට මුහුණදෙමින් සංවිධානයන් ලෙස පෙනි සිටි සියඵ සාරාර්ථයන් නායකත්වයට බිලිදෙනු ලැබේ. එය ධනේෂ්වර රූපි ප‍්‍රතරෝධයන්හි නිසගතාවයකි. රාජපක්ෂවරුන්ට එරෙහි ගොඩනැගෙන විරෝධයන්ද බලය පාදක කොටගෙන ෆොන්සේකා මත ලඝුවීමද එහිම දිගුවක් වන අතර එය අතීතයන්හි ප‍්‍රථිඵල වලම පුනරුච්චාරණයක් වනු ඇත.

රාජපක්ෂවරුන්ට හා එකි දේශපාලනයට විරුද්ධ ව්‍යාපාරයක් පුර්වාවශ්‍යතාවක් ලෙස රාජපක්ෂ දේශපාලනය නිවරුදිව කියවාගත යුතුය. පාලන තන්ත‍්‍රයක් ලෙස පැසිස්ට්වාදය ජර්මනිය තුල ස්ථාපිත වීමට පෙර ට්‍රොස්කි විසින් පැසිස්ට්වාදය සුත‍්‍රගත කල ආකාරය මෙහිදි වැදගත් වේ. ‘පැසිස්ට්වාදය විවිධ රටවලදි විවිද වෙස් ගන්නට පුඵවන. සමාජ සංයුතිය අතින් එය විවිධාකාර විය හැකිය. එහෙත් සාරය වශයෙන් ගත්කල්හි පැසිස්ට්වාදය වනාහි තර්ජනයට ලක්වු ධනේෂ්වර සමාජය සිවිල් යුද්දයකදි නිර්ධන පන්තීන් පලවා හැරිම සදහා ඉදිරියට දමනු ලබන භට කණ්ඩායමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාර්ලිමේන්තු රාජ්‍ය යාන්ත‍්‍රණය එහිම අභ්‍යන්තර විරෝධයන් තුල පැටලෙත්ම ධනේෂ්වර නීතිය ධනේෂ්වර පන්තියම බන්ධනයේ හිරකරත්ම ධනේෂ්වර පන්තිය තමා සතු ඉතාමත්ම සංග‍්‍රාමකාරි කොටස් නීතිමය බන්ධනයෙන් මුදා බලයේ හා ත‍්‍රස්තයේ සියඵ විධික‍්‍රමයන් උපයෝගි කරගැනිමට බලනොට උසිගන්වා වැඩට බස්වයි. පැසිස්ට්වාදය යනු එයයි. මෙකි සංරචකයන්ගෙන් එකකට වැඩි ගනනකට සමාජයක් ලෙස අප මුහුණ දෙමින් සිටි.

උතුරේ කැරලිකරුවන් දකුණ මත ඇති කල පීඩනයත් ධනේෂ්වරය හරහා දකුණ මුහුන දුන් පීඩනයත් යන සකලවිධ පීඩනයන්ට මැදිව සිටි දකුණු ජනයා විශේෂයෙන්ම එහි ගොවින් , සුඵ ව්‍යාපාරිකයින් , මැද පන්තියේ වෘත්තිකයින් යනාදි වු සුඵ ධනේෂ්වරයින් ස්වකීය සුඵ ධනේෂ්වර සහ ලුම්පන් නියෝජිත පක්ෂ සහ සංවිධානයන්ගේ දේශාභිමානි පුරසාරම් වලින් ආඪ්‍යවද පන්තිමය පීඩනයෙන් බැහැරවද ජාතියක් ලෙස අනාරක්ෂිතය යන ගොබෙල්ස් ප‍්‍රචාරකවාදයෙන් පරිපීඩිතවද ගැලවුම්කරුවාගේ භුමිකාව රාජපක්ෂ වෙත ආදේශ කරන ලදි. එබවින් රාජපක්ෂවරු ආවේගශීලිව මෙහෙයවිය හැකි සුඵ ධනේෂ්වරයින් මත ප‍්‍රධාන කොටම පයගසා සිටින අතර ජාතිවාදය තොරොම්බල් කරමින් සිටි. උතුර පෙන්වා වර්ධනය කරගත් ශක්තිමත් මිලිටරි යාන්ත‍්‍රණයකින් ද ධනේෂ්වර දේශපාලන සංස්කෘතියේ නිසග මැර කණ්ඩායම් වලින්ද එය සන්නද්ධය.දේශපේ‍්‍රමි සහ දේශදෙ‍්‍රා්හි යන ධ‍්‍රැවීයකරණයන් ඉතා ශක්තිමත්ව සහ මහජන පදනමකින් යුක්තව රාජපක්ෂවරු වර්ධනය කල අතර ස්ව පාලන තන්ත‍්‍රයට ඇති විරෝධතාවයන් මැඩපැවත්තිමට එය උපයෝගි කර ගන්නා ලදි. එය ක්ෂණික සහ රාජපක්ෂ පාලනයට හිතකර ප‍්‍රථිඵල ගෙන දුනු අතර දේශදෙ‍්‍රා්හි විමෙන් ස්වකීය පැවත්ම තර්ජනයට ලක්කර ගැනිමට අකමැති වු සියඵම පාර්ශවයන් මැදමුලන පවුල් පාලනය වටා සංකේන්ද‍්‍රණය කර ගැනිමට එය උපස්ථම්භක විය. විරුද්ධ ජන මතයක් හැසිරවු මාධ්‍යකරුවන් සහ මාධ්‍ය ආයතන වලට දැඩි පීඩනයක් එල්ල කල අතර ඇතමුන් අධි ආරක්ෂිත කලාප තුලදි සුදු වෑන්රථ වලින් අතුරුදහන්විමේ ද නන්නාදුනන තුවක්කුකරුවන් අතින් ඝාතනය විමේ ද ඉරණම් ලැබුහ. තවත් මාධ්‍ය ආයතන ගිනිබත් කරන ලදි. රාජ්‍ය සොල්දාදුවා උත්තරීතර සහ ගෞරවණීය මිනිසෙකු කල අතර මහනෙල් මලින් ඔහුන් පුදනා මුග්ධ සංස්කෘතියක් නිර්මාණය කලේය. යුද්ධය ආර්ථික පීඩනයෙන්ද ධනේෂ්වර අතිධාවනකාරි ජිවිතයෙන්ද හෙම්බත්ව සිටි දකුණට තාවකාලික ආස්වාදයක්ද පාලකයින්ට , නිළධාරීන්ට , සැපයුම්කරුවන්ට සහ අවශේෂ සියඵ පාර්ශවකරුවන්ට පතොරමේ සිට බත් පැකැට්ටුව දක්වා කොමිස් මුදල් ද ගෙනාවේය. ව්‍යාජ ධනේෂවර සාමවාදින්ගේ පැවත්ම අහොසි කොට ඔහුන් නිරුවත් කොට ඔහුන්ගේ නග්න යුධකාමය නිරාවරණය කලේය.

මහින්ද රාජපක්ෂ ස්වකිය අනාරක්ෂිතතාව ඥාති සමුහයක් තමා වටා සංකේන්ද‍්‍රණය කරගැනිමෙන් දියකර හරින ලදි. පුද්ගලාභිවන්දනය , ප‍්‍රශස්ති ගී , දියසේන වීරඛ්‍යානයේ පුනරාගමනය ලෙස රාජපක්ෂයන් අභිවන්දනය කරනු ලැබේ. ජාතියත් ආගමත් රටත් යන සියල්ල රාජපක්ෂයන් සමග අනන්‍ය කොට ඇතිවාක් මෙන්ම ඒ සියල්ලේ අසහාය ආරක්ෂිතයා ඔහුය. රාජපක්ෂවරු විවේචනය නොකලයුතුවාක් මෙන්ම එසේ කරනු ලබන්නේ කොටි සංවිධානයෙන් හො දමිල ඩයස්පෝරාවෙන් මුදල් ලබාගත් දේශදෙ‍්‍රා්හින්ය. ඔහු නාමල්ගේ පමනක් නොව සියඵ පුරවැසියන්ගේ පියාවන බැවින් පීතෘවාභිවන්දනය කල යුතුය. කෙටිකල හොත් රාජපක්ෂ යනු හිට්ලර් කෙනෙකි. සුද්දන් විසින් බලෙන් ඉවත් කල අතීත සුරාකෑමෙන් විභුශිත හෙල වැඩවසම් රාජ්‍ය ඉත සිතින්ම පතන පනාපුත‍්‍ර කලකරුවන්ගේද එහි වැඩවසම් අධිපතීන් විමට සිටන මර්වින් සිල්වලාද බුද්ධිහීන ජනරැලද එක්ව දැනටමත් රාජපක්ෂ මෞලිමංගල්‍ය සිදුකොට හමාරය.කැළණිය මර්වින්ට , මීගමුව ලන්සාට , කොලොන්නාව දුමින්දට ලෙස මැරයින්ට ප‍්‍රත්‍යන්ත නින්දගම් හි පරවේණි උරුමය ලබාදී ඇත. ඔටුන්න හිමි කුමරා ලෙස නාමල් අභිසෙස් කොට පිය-පුතු බලවාදි සිතියම ගොඩනගා අහවරය. නෙඵම් පොකුණේ සිට අඵත් පරණ භේදයකින් තොරව සියල්ල මහින්ද රාජපක්ෂ නමින් නාමකරණය වේ..

අධිකරණය , පාර්මේන්තුව ආදි සියඵ ප‍්‍රජාතන්තී‍්‍රය ආයතන නාමික ආයතන නැතිනම් රාජපක්ෂවරුන්ගේ නුල් මෙහෙයවිමෙන් චලනය කෙරෙන රූකඩ බවට රූපාන්තරණය කොට ඇත. පාර්ලිමේන්තුවේ ඇත්තේ සෝභිත ස්ථවිරයන් කියන්නා සේ "තැන්නේ මහත්වරුන්ය". වැටුප් වැඩිකිරිම් වැනි සිල්ලර උපායන් මගින් රාජ්‍ය සේවයෙන් නැගි ආ හැකි විරෝධයන් දියකර දමා ඇති අතර ඌණ උපයෝජිත හා ඌණ කාර්්‍ය සාධන පනත මගින් ඉහල ධනේෂ්වරයද සොලවා දැමු අතර ඉන් ප‍්‍රධාන විපක්ෂය වන එ.ජා.ප. යේ මුල්‍ය ප‍්‍රභවයන් අවහිර කර දමන ලදි.

රාජපක්ෂවරුන්ට බලය ඉක්මනින්ම අතහැරිමේ වුවමනාවක් හො පක්ෂ , සංවිධාන , පුද්ගලයින් සමග බලය බෙදා ගැනීමේ වුවමනාවක්ද නොමැත. පුද්ගලයින් හො සංවිධාන කොන්ඩම් තියරිය මත උපයෝජනය කෙරෙන අතර සාරය උරාගත් පසු හො යම් විරෝධතාවයක් මතුකල විට කුණු කුඩයට දමනු ඇත. යම් මට්ටමක මර්ධන කි‍්‍රයවලියක් තුල , ඇති කරගනු ලැබු ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වෙය උපස්ථම්භකත්වයෙන් හැකිතාක් දුරට පාලන කටයුතු මෙහෙය වීමට රාජපක්ෂවරු ප‍්‍රයත්න දරනු ඇත. ස්වකීය බල ස්ථායිථාවයට ප‍්‍රබල අනතුරක් නොමැති බැවින් රාජපක්ෂවරුන්ගේ මර්ධන යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වනුයේ තෝරාගත් කොටස් මත පමණි. එහෙත් ස්වකීය පාලන තන්ත‍්‍රයේ අස්ථාවරත්වයට හේතුවන හො අනාරක්ෂිතතාවයට ඇද දමන හො සංශයක ශේෂමාත‍්‍රයක් ඇති වු විට රාජපක්ෂවරු සමස්ථ රාජ්‍ය පුරාම එකසේ මර්ධනයත් භීෂණයත් කි‍්‍රයාත්මක කරනු ඇත.

සරත් ෆොන්සේකා සම්බන්ධ අධිකරණ කි‍්‍රයාදාමය දූෂිතයැයි ප‍්‍රකාශ කරන්නවුන් ධනේෂ්වර ප‍්‍රජාතන්ත‍්‍රීය ව්‍යාජයන් එහිම පැසිස්ට්වාදය මගින් නිරුවත් කර දමන බව අමතක කොට ඇත. ලාංකේය බොහො මහජන ව්‍යාපාරයන් පුද්ගල කේන්දී‍්‍රය විජ්ජාකාරි පරිවර්ථනයන් ගැන විශ්වාසය තබාගනි. මහින්ද වෙනුවට ෆොන්සේකා ආදේ්ශ වනුයේ එබැවිනි. මෙබදු මහජන ව්‍යාපාර පවත්නා ධනේෂ්වර සීමාවන් අනුල්ලංඝනීය ලෙස සලකන අතර ප‍්‍රතිසංස්කරණවාදි වේ. බලය අත දරන්නාගෙන් එකි බලය ලබා ගැනිමේ පටු දේශපාලනය තුල කි‍්‍රයාත්මක මෙබදු ව්‍යාපාර පවත්නා දෘෂ්ටිවාදයන් හො සංස්කෘතින් සමග ගැටුම් ඇතිකර නොගන්නා අතර පවත්නා දෘෂ්ටිවාදයන් හො සංස්කෘතින්ම ස්වකීය බලය තහවුරු කර ගැනිමේ දැතිරෝධ ලෙස කි‍්‍රයාත්මක කරනු ලැබේ.

ගොඩනැගෙන සමාජ ව්‍යාපාරයන් පුද්ගල විරෝධි සහ පුද්ගල ආදේශ මත ප‍්‍රතිෂ්ඨා වු අවස්ථාවාදයෙන් විගමිතව පවත්නා දේශපාලන රූපයත් එහි චලිතයත් එනම් අද්‍යතනයේ දේශපලනයේ පැසිස්ට් රූපය නිවරුදිව කියවා ස්වකිය ව්‍යාපාරය තුල සංවිහිත පුද්ගලයින් ඒ පිලිබදව සවිඥඥාණික කල යුතුය. එහිදි ධනේෂ්වර නිෂ්පාදන සම්බන්ධතාවයෙන් නිෂ්පන්න වු ජාතියත් , පටු ආගම්වාදයත් මත ප‍්‍රතිෂ්ඨා වු සිංහල ස්වෝතමවාදි දෘෂ්ටිවාදය සමග ගැටිමත් එකි දෘෂ්ටිවාදයේ අනිවාර්්‍ය පරාජයකින් හො තොරව පැසිස්ට් චලිතයේ මග අහුරා දැමිය නොහැකි වනු ඇත. ලාංකේය අධිරාජ්‍ය විරෝධි අරගලය ජාතිකවාදි සවරූපයක් ගත් අතර එකි පටු සීමාවන් අතික‍්‍රමනය කිරිමේ ශක්‍යතාවක් හො වඩාත් නිවරුදිව නම් වුවමනාවක් අධිරාජ්‍ය විරෝධීන්ට නොවිය. ජාතිකවාදි ව්‍යාපාරය අභ්‍යන්තර හා භාහිර මැදිහත් විම් හරහා ජාතිවාදි ස්වරූපයට ඇද දැමුනු අතර එකි ව්‍යාපාරය හරහා ගොඩනැගුනු ධනේෂ්වර පවුල් කිහිපයක් ජාතිවාදය තුල රාජ්‍ය බලය සිර කරමින් අද දක්වාම ලාංකීය දේශපාලනය හසුරුවනු ලැබේ. මාක්ස්වාදයෙන් පිටුබලය ලත් පන්තිමය සංවිහිත විමක් නැතිනම් කම්කරු ව්‍යාපාරයකට ස්වකිය සිමාකම් තිබියදි පවා ජාතිවාදි දෘෂ්ටිවාදය සාර්ථකව අභියෝගයකට ලක්කල හැකි වුවත් ලාංකේය කම්කරු ව්‍යාපාරයන්ගේ නිර්ලජ්ජිත අවස්ථාවාදයත් සිංහල ස්වොත්තමවාදි සංස්කෘතිය හා ගැටීමෙන් ස්ව දේශපාලනය අනතුරුදායක අඩවියක ස්ථාපිත කිරිමට වු අකමැත්තත් නිසා ඔහුන් ද ධනේෂ්වරයින් සමග කරට කර ජාතිවාදය පොහෙණි කරන ලදි. අද්‍යතන දේශපාන චලිතය මහින්ද රාජපක්ෂයන්ගේ කේවල හා තනි රැයේ නිෂ්පාදනයක් නොවන අතර ඊට එරෙහි සටනෙදි ජාතිවාදය දැවැන්ත කුඵගෙඩි පහරවල් වලින් කුඩුකර දැමිය යුතුය. ජාතිය හා ජාතිවාදය , ධනේෂ්වරය ද අවස්ථාවාදි වාමාංශය ද වෛශ්‍යාවක් සේ බලවාදි අරලගයේ දි උපයෝජනය කරනු ලැබේ. එබැවින් ලාංකේය පැසිස්ට් දේශපාලන චලිතය අහුරා දැමිය හැක්කේ ඒ පිලිබද සංචින්කනාත්මක ප‍්‍රවේශයක් ද ජාතිවාදයට දෘෂ්ටිවාදි තලයේ තිරණාත්මක පරාජයක් අත්කර දියහැකි හා එහි සංස්කෘතික මූලයන් උගුල්වා දැමිය හැකි සංයුක්ත වැඩපිලිවෙලක් සතු නිදහස් මහජන ව්‍යාපාරයකට පමණි. ලංකාව තුලදි එය තවම හිස් අවකාශයකි.

No comments:

Post a Comment