Saturday, January 21, 2012

අලුත් ලේබලයෙන් එන පරණ රතු වයින්.

ලාංකීය දේශපාලන භුමිය විප්ලවිය පිබිදීමක් පිලිබද නවමු අපේක්ෂාවන්ගෙන් හිරිවැටි ගොස් ඇත. වම සහ අරගල පිලිබද වු ඇල්මැරුනු කතිකාවන් වෙනුවට ජව සම්පන්න වාම කතිකාවක් ගොඩනැගේය යන්න වාමවාදීන්ගේ අදහස වේ. ලංකාව යනු අරගලය පුපුරායාම සදහා පෙර සැකසු භුමියක් ලෙස උදම් අනමින් සිටින ඔවුහු එහි පෞද්ගලික අයිතිය දිනාගනු වස් අරගලය තාප්ප මත පුපුරුවා ඇත. ජ.වි.පෙ. ඉතා මෑතදි සිදුවු පිරිස් ඛණ්ඩනය ජන අරගල ව්‍යාපාරය ලෙස සංගත වි ස්වකීය දේශපාලන චලිතයන් සකස් කර ගනිමින් සිටි. මෙම විමතික කණ්ඩායම ජ.වි.පෙ. සමග ගෙනගිය අඛණ්ඩ මතවාදි අරගලයක ප‍්‍රතිඵලයක්ය යන්න ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් විසින්ද එකි ඛණ්ඩනයෙන් උත්තේජනය ලැබු බොහො වාමවාදි පාර්ශවයන්ගේද නිගමනය වේ. මුලික මාක්ස්වාදි මුලධර්ම වලට පටහැනිව පන්ති සහයෝගි සහ ජාතිවාදි ප‍්‍රවේශයක් ජ.වි.පෙ. අනුගිය බවත් මෙම පිරිස් විස්ථාපනය සිදුවනුයේ ඊට එරෙහිව බවත් සාමාන්‍ය ප‍්‍රචාරණවාදි ආස්ථානය වේ. ජන අරගල ව්‍යාපාරයේ බිහිවීම හො එහි කි‍්‍රයාකාරීත්වය තවම ප‍්‍රබල ලෙස මහ සමාජයට ස්පර්ෂක සංවේදනයක් දනවන්නට අසමත් වුවද මෙරට වාමවාදීන් ඇතුඵ විකල්ප මතධාරින් හා බුද්ධිමය ප‍්‍රජාව තුල සැලකිය යුතු කැළඔිමක්ද අපේක්ෂාවන්ද ඇති කරලිමට සමත් වි ඇත. 71 , 88/89 ජ.වි.පෙ. කි‍්‍රයාකාරිත්වය තුල සංගතව සිටි සහ පසුව ඉන් විගමිත වු බොහො පාර්ෂවයෝ ස්වකිය වාම ආසක්තතාවයද කලක් තමන් නියෝජනය කල සංවිධානයක වාම නැඔුරුවක් ලෙසින් ද ජන අරගල ව්‍යාපාරය සංජානනය කොට ගනිමින් ඊට සංචිත වනු පෙනේ.

ජනතා විමුක්ති පෙරමුණ යනු මුඛ්‍ය වශයෙන් ගොවි ශිෂ්‍ය කේන්දී‍්‍රය වු සුලු ධනේෂ්වරය ආමන්ත‍්‍රණය කරනු ලැබු සහ ඒ මත පදනම් වු පක්ෂයකි. එය හැමවිටම අවස්ථාවාදි සුලු ධනපති උපනතියක් පෙන්නුම් කරනු ලැබුවකි. එහෙත් එය තමන් මාක්ස් ලෙනින්වාදි පක්ෂයක් ලෙස ස්වයං නාමකරණයක් කරගනු ලැබීය. යටත් විජිත අර්ථ ක‍්‍රමයක් මෙරට ස්ථාපිත වීම සහ එය හරහා ගොඩනැගෙන නව ස්වදේශීය ධනපති පන්තිය අධිරාජ්‍යවාදි බිත‍්‍රාන්‍ය සමග කෙරෙන අධ්‍යාපනික ගනුදෙනුවේ ප‍්‍රතිඵලයක් ලෙස මෙරටට වාමාංශික අදහස් සංක‍්‍රමණය විය. බොහොවිට මුල්කාලින කම්කරු අරගල සහ මාක්ස්වාදය මත ප‍්‍රතිෂ්ඨා වු සංවිධානයන්හි ප‍්‍රමුඛ කි‍්‍රයාකාරින් අධිරාජ්‍යවාදය හරහා ගොඩනැගුනු අර්තක‍්‍රමය තුල ස්වදේශිකයන් සූරාකෑමෙන්ද අධිරාජ්‍යවාදයට කත් ඇදීමෙන්ද පවුල් ආර්ථිකය දෘඩ ලෙස ස්ථාපිත කොට ගත්තවුන්ගේ පසු තරුණ පරම්පරාවේ නියෝජනයන්ය. බිත‍්‍රාන්‍ය අධ්‍යාපනය හා එරට ප‍්‍රචලිත මාක්ස්වාදි සහ වෘත්තිය සමිතිවාදි ආකෘතීන් ඔවුහු මෙරට තුල ඇල්මැරුණු අධිරාජ්‍ය විරොධි ප‍්‍රවනතාවක් ලෙස වර්ධනය කරනු ලැබිය. එහිදි බොහො වාමංශිකයන්ට ස්වකීය වැඩවසම් පසුබිම සහ භාවිත මාක්ස්වාදය අතර ගැටුමක් වු බව නිසැකය.

පැවතුනු අධිරාජ්‍යවාදි පාලනයට එරෙහිව මාක්ස්වාදය මත ජනතාව සවිඥඥාණික කොට අධිරාජ්‍ය විරොධී වු ද, වැඩවසම් විරෝධි වු ද ,අධිරාජ්‍යවාදි විදේශික ධනපති පන්තිය විස්ථාපනය කරමින් ඔහුන්ගේ නේවාසික නියෝජිතවරු ලෙස මෙරට මානව ශ‍්‍රමය සහ ස්වභාවික සම්පත් ඊනියා ධනපති පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුල සූරාකෑම සදහා මාන බලමින් හුන් දේශීය ධනපති පන්තියටද ඔවුන්ගේ දේශපාලනික මෙහෙය වීම් වු ප‍්‍රතිසංස්කරණවාදි සහ ජාතිවාදි ස්වරූපයක් ගත් ආගමික පිටුබලයද නොඅඩුව ලද ධනේෂ්වර ව්‍යාපාරයන්ට ද සමාන්තර සහ ඒවා අභිබවා යන වාමාංශික මැදිහත් විමක් මෙරට ප‍්‍රරම්භක මාක්ස්වාදීන්ට කල නොහැකි විය.සම සමාජය හරහා ඇරඹි වාමවාදි පක්ෂ දේශපාලනය ජාත්‍යන්තර අවස්ථාවාදි මාක්ස්වාදි අපසරණයන්ගේ මෙරටට ගොදුරු බවට පත් වෙමින් විසිරි ගිය අතර ඒකාබද්ධ වාමාංශික කි‍්‍රයාමාර්ගයන් වෙදුවට ධනපති දේශපාලන පුරුෂයාගේ අවලේහන කෘතය ඉටු කරන ස්ති‍්‍රවාදි භූමිකාවට වාමාංශය ඇද දමනු ලැබිය. ප‍්‍රාරම්භක පාර්ලිමේන්තු අවධියේ ධනේෂ්වර නියෝජනයට තරගකාරි සහ සටන්කාරි වාමාංශික නියෝජනයක් ඇති කර ගැනිමට හැකි වුවද ස්වකීය පක්ෂයන්හි අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධිතාවන්හි ප‍්‍රතිඵලයක් ලෙස සභාගවාදයටත් නිසි මාක්ස්වාදි මූලධර්ම මත අධිරාජ්‍ය විරෝධය ප‍්‍රතිෂ්ඨා නොකිරිමේ ආදිනාවෙන් අධිරාජ්‍ය විරෝධය ජාතික අනන්‍යතා දක්වා ලඝු වි අවසානයේ ජාතිවාදයටත් බිලිදෙනු ලැබීය. යටත් විජිත හරණ ප‍්‍රතිපත්තිය යටතේ ස්වදේශික ධනපති පන්තිය අතට රාජ්‍ය බල චලනයක් සිදු වු අතර ස්වදේශිය ධනපති පන්තිය සමග වු අරගලයන් , ආර්ථික අරගලයන් නැතිනම් ධනපතියා සමග කේවල් කෙරෙන සටන් දක්වා ඇකිලි ගිය අතර ඊට එරෙහිව මාක්ස්-ලෙනින් -ට්‍රොස්කි මුලධර්මයන් මත වර්ධනය වු ප‍්‍රවනතාවන් න්‍යායිකව ශක්තිමත් එහෙත් හීන ජන ආකර්ෂණයක් සහිත , ප‍්‍රබල බලපෑම් සහගත කණ්ඩායම් නොවන තත්වයට ඇද වැටුනි.

ස්වදේශිය ධනපති පන්තිය හරහා විරැකියාවට පිලියමක් එනම් ආර්ථික පීඩනයේ දියවී යාමක් ද ශේෂ වු වැඩවසම් ආධිපත්‍යයේ කුල පීඩනය අහෝසි කර දැමිමත් අපේක්ෂා කොටගත් ලාංකීය සමාජය මත ඊට ඉදුරාම පටහැනිව වඩාත් අනම්‍ය පීඩනයක් ස්වදේශි ධනේෂ්වර පාලනයෙන් එල්ල වීමත් , විශේෂයෙන්ම වඩාත් ආව්ගකාරි තරුණ කොටස් ඝෝෂාකාරි විප්ලවීය වාග් සටන් පාඨ ඔසවා ගත් එහෙත් පාර්ලිමේන්තුවාදය තුල ධනපති ඔඩොක්කුවට වුවමනාවෙන්ම වැටුනු සමසමාජ කොමියුනිස්ට් .... වාමාංශිකයින් විසින් අතරමන් කර දැමිමේ ප‍්‍රතිඵලයක් ලෙසද ජ.වි.පෙ.ට පක්ෂයක් ලෙස සැලකිය යුතු පිරිස් ආකර්ෂනයක් ගෙන ආවේය. ලාංකීය සමාජය තුල සුවිශාල නාගරික කම්කරු පන්තියක් වර්ධනය වී නොතිබුනු අතර එහි බහුතරය සුලු දේපල හිමියන් විය. ශතවර්ෂ ගනනාවක් භූමිය හා බැදුනු ඉඩම් මනොභාවයක් ද ඒ තුල විය. මෙක් සුලු ධනපති ප‍්‍රජාව , එහි අගතිගාමි මනොභාවයනුත් ජ.වි.පෙ. විසින් ඔහුන්ගේ නියොජනයේ රැඩිකල් පක්ෂය ලෙස අවස්ථාවාදි ලෙස පරිහරණය කරන්නට යෙදුනි. ජ.වි.පෙ. කිසිදාක කම්කරු පන්තිය විද්ලවීය පන්තිය ලෙස හදුනාගනිමින් මාක්ස්වාදි න්‍යාය ප‍්‍රතිෂ්ඨා කොට නිසි නායකත්ව මග පෙන්විමක් සුලු ධනපති පන්තියට ලබා නොදුන් අතර එකි සන්තතියේ නිෂ්ඨාව වුයේ මල්වෙඩි විප්ලවයක් හරහා පීඩනයට ලක්වු ප‍්‍රජාවන්ගේ විප්ලවීය ශක්තින් දියකර හැරිමත් ආණ්ඩු විරෝධි කැරලි දෙකක් අවසානයේ ජ.වි.පෙ.ට සාමුහික දිවිනසා ගැනිමක් සදහා තරුණයන් සොයාගත නොහැකියයි යන උයන්ගොඩ ප‍්‍රවාදය නිර්මාණය වීමත්ය. ජ.වි.පෙ. ධනේෂ්වර අර්ථක‍්‍රමය මගින් නිෂ්පන්න කල ජාතිය සහ ජාතික රාජ්‍ය යන්න අනුල්ලංඝනීය ලෙස ආරක්ෂා කල අතර කම්කරු ව්‍යාපාරය පටු සිංහල ජාතිවාදය තුල භේද්‍ය කරන ලදි. ආරම්භයේ සිටම දෙමල පීඩිතයාගේ අරගලය ධනේෂ්වර රාජ්‍යයේ මර්ධනීය උපකරණයන් හරහා පොඩිපට්ටම් කර දැමිම සදහා විජේවීරයන් ප‍්‍රමුඛ ජ.වි.පෙ. සාමාජිකයන් ගර්භිත උත්සාහයක නිරත විය. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සූත‍්‍රගත කල ඉන්දියානු ව්‍යාප්තවාදය ශන්මුගදාසන් මෙරටට ආනයනය කල අතර විජේවීරයන් ද සමාජ ප‍්‍රතිඝතීතාවයන් පිලිබද නිසි විශ්ලේෂණයෙන් විගමිතව පන්තිමය සහ වැඩවසම් ස්වරූපි වතු ආර්ථික රටාවෙන් ද බැටකමින් හුන් වතුකර ද‍්‍රවිඩ කම්කරුවන්ට එරෙහිව සිංහලුන් පෙලගස්සවන නිර්මාක්ස්වාදි ප‍්‍රතිගාමි ස්ථාවරයකට ආරම්භයේ සිටම ජීවය දුනි............."පහල මධ්‍යම පන්තිකයන් වන කුඩා නිෂ්පාදකයින් , වෙලදශාලා අයිතිකරුවන් , හස්තකර්මාන්තකරුවන් , ගොවීන් ආදි මේ කොටස් ධනපති පන්තියට විරුද්ධව සටන් කරන්නේ මධ්‍යම පන්තියේ කොටස් ලෙස අහෝසි වීම වලක්වා ගැනිම සදහාය. මේ කොටස් ප‍්‍රතිගාමිය. මන්දයත් ඔහුන් ඉතිහාසයේ ඉදිරිගමන ආපසු කැරකැවිමට උත්සාහ කරන බැවිනි".....(කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රකාෂනය , සංහල මුද‍්‍රණය , ප‍්‍රගති ප‍්‍රකාෂකයෝ) ලෙස මාක්ස් සහ එංගල්ස් සුත‍්‍රගත කරන අතර සුලු ධනපති ජ.වි.පෙ. ක‍්‍රියාකාරිත්වය මාක්ස්වාදීන්ට ආපතික ප‍්‍රපංචයක් නොවේ. ජ.වි.පෙ. ලාංකීය සමාජය තුල වු ධනේෂ්වරය විසින් වුවමනාවෙන්ම අතහැර දමන ලද , වැඩවසම් සම්බන්ධතාවයන්ද එකි සංස්කෘතිය සමගද මුලිකව නොගැටුනු අතර ඉතිහාසයේ අභූතපුර්ව ලෙස වික්ටෝරියානු සදාචාරය තොරෙතම්බල් කරන්නට විය. මාක්ස් ලෙනින්වාදි පක්ෂ ආකෘතියක් ලෙස ස්වයං අර්ථකථනයක් දෙමින් ඊට ප‍්‍රතිලෝමව පක්ෂ දේහය ස්ටාලින්වාදි ස්වරූපයෙන් ගොඩනගන ලදි. පක්ෂ සහොදරවරුන් අතර නිදහස් අන්තර් සංවාදයන් වාරණය කොට දමා ඇති අතර ඉහල සිට පහලට සම්පේ‍්‍රෂණය කෙරෙන මතවාදයන් අධානග‍්‍රාහි ලෙස භාරගෙන විසුරුවා හරිනු ලබන යාන්ති‍්‍රක සන්නිවේදකයන් පිරිසක් බවට පක්ෂ කේඩරය පත්කොට ඇත.

ජ.වි.පෙ. සිදුවන විස්ඵෝටනය ඔහුන්ගේ අවස්ථාවාදි දේශපාලනික උපායමාර්ගික වරණයේ ගැටලුවක් නිසා පැනනගින්නක් වන අතර එය මතවාදි අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස නොව හුදු පිරිස් ඛණ්ඩනයක් ලෙස සංජානනය කිරිම වඩා නිර්වද්‍ය වේ. කලක් ජ.වි.පෙ. දේශනයන්හි ජනපි‍්‍රය දේශකයකුව සිටි සහ දැන් ජන අරගල ව්‍යාපාරයේ ජනපි‍්‍රය ප‍්‍රකාශකයා වන පුබුදු ජයගොඩගේ ප‍්‍රකාශනයන් සංවිමර්ෂනයෙන් එය වඩාත් ස්ඵුට වේ. ජ.වි.පෙ. පන්ති සහයෝගි සහ රතු කොඩිය වෙනුවට සිංහ කොඩිය ආදේශ කොටගත් ජාතිවාදි ප‍්‍රවනතාව ජයගොඩ ගැටගසනුයේ 2000න් මෙපිටටය. එය ජනතා විමුක්ති පෙරමුණේ භාවිත දේශපාලන ඉතිහාසය වසාදමන අත යට කූට්ටම් කොල සමග කි‍්‍රඩාවේ යෙදෙන දේශපාලන අවස්ථාවාදියකුගේ ප‍්‍රකාශනයකි. සුලු ධනේෂ්වරය ලෙස ස්වකීය පැවැත්ම තහවුරු කර ගැනිම සදහා අවස්ථානුකූලව වඩා බලගතු පන්තිය පසුපස යාම ලංකාවට පමනක් සුවිශේෂි අභූතපුර්ව අනුභූතියක් නොවේ. ජ.වි.පෙ. ධනේෂ්වර ආණ්ඩු සමග දීග යන්නට හො හොර අඔුකමේ සිටින්නට ආරම්භයේ සිටම ප‍්‍රයත්න දැරු අතර එය උත්කර්ෂවත් කරන ලද ප‍්‍රදර්ශනවාදයෙන් සිදුවුයේ 2000 වසරේදීය....."සුලු දේපලහිමියා සහ සුලු ස්වාමියා වඩා පහසුවෙන් විප්ලවාදි අන්තයන් කරා යනු ඇතත් .........මේ විප්ලවවාදයේ ඇති අස්ථිරත්වය , මුඩු ශුන්‍යත්වය , වහාම යටත් විමේ දිශාවට එහි ඇති නැමියාව ,උදාසීනබව , විකාර සහගතබව සහ එක් වර්ගයක හො තවත් වර්ගයක ධනේෂ්වර කෝලම් වලට උමතුවෙන් මෙන් මෝහනය වීම යන මේ සියල්ල පොදුවේ කවුරුත් දන්නා දේය". (ලෙනින් එකතු කල කෘති ,31වන වෙලුම)ලෙනින් විසින් පොදුවේ කවුරුත් දන්නා දේයැයි පවසන සුලු ධනපති ආචරණයන් මාක්ස් ලෙනින්වාදි (?) දේශකයාට (ජයගොඩ ට) ග‍්‍රහණය නොවන අතර ස්වකිය පුර්ව නියෝජිත පක්ෂය සුලු ධනපතියන් මත පය ගසා සිටි බව සහ එම පන්තියේ නායකත්වයන් පිලිබද අධිනිෂ්චයක් තිබු බවත් ක්ෂණිකව ඥාණනය වී ඇත. එම අධිනිෂ්චය රටේ පසුගාමිත්වය විසින් සිය පක්ෂයට තල්ලු කරන ලද්දක් බව ජයගොඩගේ ආස්තානය වේ. මෙරට පසුගාමි දෘෂ්ටිවාදයන් සංස්කෘතීන් නිර්මාණය කිරිම සදහා නොයෙක් ලෙස දායකකාරදි වුවන්ගේ මෙම විකාරරූපි ප‍්‍රකාශනයන් එකි පසුගාමීත්වය තුලම සිය පැවත්ම තහවුරු කර ගැනිමට උත්සුක වන පරපෝෂිතයන්ගේ රූපකාරකයන් හෙලි කරයි.

ජ.වි.පෙ. 71 කැරැල්ල සමයේ අල්ලා ගන්නා ලද පොලිසි වල ඔසවන්නට සිය කේඩරයට අණ කලේ රතු පසුබිමේ සිංහයා සහිත ධජයයි. මිනිමරු කොටි සංවිධානය ජේ. ආර්. ට පරාජය කල නොහැකි නම් මැතිනියගේ ඉදිරි ආණ්ඩුවකට ඇත්තේ කුමන විසදුම්දැයි ජ.වි.පෙ. මැතිගෙන් විමසා සිටියේය. දේශහිතෛෂි ව්‍යාපාරය හරහා ධනපති මර්ධන යාන්ත‍්‍රණයේ යුධ සෙබලාට මහනෙල් මල් පුදන්නට පෙර පොලිස් සොයුර දේශපේ‍්‍රමීන් ආරක්ෂා කරනු ලෙසද, 71 දි ස්වකීය සටන්ගත සොයුරන්ගේ අධෝ මාර්ගයේ පී.වි.සි. බට රිංගවු සෙබලුන්ට හමුදා සොයුරන් ලෙසද ආමන්ත‍්‍රණය කල යුගයක් දජ.වි.පෙ. ට තිබුනි. 'ජනතා විමුක්ති පෙරමුණෙන් ලක්වැසි දේශපේ‍්‍රමි ජනතාවට ආයාචනයක්' යන කෘතියේ සන්නද්ධ හමුදාවලට සහ භික්ෂුන්ට නායකත්වය සැපයිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට බව ඔහුන් අවධාරණය කොට තිබුනි.

කීර්ති බාලසූරිය සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සහ පන්ති ස්වභාවය යන කෘතියේ 1970 වැනි එපිට වර්ශයකදි ජනතා විමුක්ති පෙරමුණ ලංකාව තුල බිහිකරන්නේ'අනාගත පැසිස්ට්වාදි ව්‍යාපාරයකට හොදින් උපයෝගි කරගත හැකි කම්කරු විරෝධි බලවේගයකි 'යනුවෙන් වියමන් ගත කල අතර එහි සත්‍යතාව අනුභුතිකව අපට සම්මුඛ වි ඇත. එබැවින් ජ.වි.පෙ. ආරම්භය ද එහි පාදක පන්තීන් ද එය නියෝජනය කරන පන්ති මනෝභාවයන් ද යන සියල්ල සමෝධානය කල කල්හි ජ.වි.පෙ. දේශපාලන භාවිතාව තුල මෙවැනි ප‍්‍රතිගාමීත්වයන් මිස ඉදිරිගාමි භාවිතාවක් අපේෂා කල නොහැක. එය කිසි දිනෙක ස්වයං විවේචනාත්මකව පක්ෂ කි‍්‍රයාකාරිත්වය පර්යාවලෝකනය නොකල අතර ජයගොඩලා විසින් කරමින් සිටිනුයේද ව්‍යාජ ස්වයං විවේචන දවටනය තුල පැරණි වාමාංශිකයන් හා සෙසු සමාජ කොටස් දිනාගැනිමේ කුහක වැඩපිලිවෙලකි. පුබුදු ජයගොඩලා වාමාංශයට වැරදි සිදුවී ඇතයි ඉගි මරණ විට දී රැඩිකල් වමකට(?)රොමෑන්තිකව පේ‍්‍රම කරනා දේශපාලන සත්වයින්ගේ කලිසම් තෙත් වීම අරුමයක් ද නොවේ.

පුබුදුලාගේ ස්වයං විවේචනයේ ඉලක්ක ටිල්වින් සෝමවංශ නායකත්වයෙන් ඔබ්බට නොයයි. මක්නිසාද යත් ජ.වි.පෙ. මෙන්ම ජන අරගලකරුවන්ද අලෙවි කරමින් සිටුනුයේ විජේවීරයන් වන බැවිනි. ජන අරගලකරුවා ජ.වි.පෙ. හා දෘෂ්ටිවාදි ඛණ්ඩනයක් ලෙස සංජානනය කිරිමේ ප‍්‍රමුඛ බාධකය විජේවීර පරමෝධාරත්වයට හා පුජාර්භත්වයට දෙපාර්ශවයේ වන සාම්‍ය වු එලඔුබයි.සවකීය උත්පත්තියේ සිටම ජ.වි.පෙ. විසින් වර්ධනය කල ජාතිවාදි වර්ගවාදි සිංහල ස්වෝත්තමවාදය එහි ප‍්‍රබල හිමිකරුවන් වන ධනේෂ්වර පාලකයන් විසින්-අද්‍යතනයේ එහි සුපිරි ප‍්‍රචාරකවාදියා සහ ආරක්ෂකයා වන මහින්ද රාජපක්ෂයන් විසින් උපක‍්‍රමිකව ඩැහැගැනිමත් සමග ජ.වි.පෙ. දෘෂ්ටිවාදාත්මකව බරපතල අර්බුධයකට ලක්විය. එය ජ.වි.පෙ. දෘෂ්ටිවාදි පදනම් සොලවා දමනු ලැබීය. ධනේෂ්වර අර්ථක‍්‍රමයේ කඩා වැටීම් සහ ඉන් නිෂ්පන්න වු දැඩි ආර්ථික පීඩනය හමුවේ ලෝකය පුරා ඇතිවු ජන රාශිගතවීම් ජ.වි.පෙ.ට වරණයක් අභිමුඛ කලේය. රාජපක්ෂයන් විසින් උපක‍්‍රමිකව වර්ධනය කරනු ලබන දෘෂ්ටිවාදයේ පරපෝෂිතයන් වනවාද ලෝකය පුරා නැග එන වඩදිය රැල්ලේ උපස්ථම්භකත්වයෙන් ව්‍යාජ සාමාජවාදි සලු පොරවා ගන්නේ ද යන්න එය අභිමුඛ වරණයන් විය. එකි වරණයන් පක්ෂය දෙකඩ කල අතර වඩාත් තරුණ පක්ෂ කේඩරයන් විශේෂයෙන් ශිෂ්‍ය ප‍්‍රජාව ජන අරගල ව්‍යාපාරයට සංගත වු අතර වෘත්තිය සමිතිවාදි තත්ව සංරක්ෂණවාදින් පක්ෂයේ නිලධරය සමග රාශිගත විය.

ජන අරගල ව්‍යාපාරය යනු ජ.වි.පෙ. මත උත්පත්තිය ලබන අලුත උපන් බිලිදකු නොවේ. එය ජ.වි.පෙ. හි නිවුන්නායි. විදාරිතයයි. ජ.වි.පෙ. නැමති දේහයේ පරමාණුක අණු තවත් අවකාශිය ඉඩක ස්ථාපනය වීමකි. සාධාරණ සමාජයක් වෙනස් මිනිසෙක් යන්න ජන අරගලකරුවන්ගේ තේමා සටන් පාඨයයි. ජාත්‍යන්තරවාදය පෝෂණය කලයුතු බවද වම ධනේෂ්වර සමාජයේ එකම ශරණස්ථානය බවද ජයගොඩලාගේ ආස්ථානය වේ. ජ.වි.පෙ. ද මාක්ස් ලෙනින්වාදි උද්දෘතයන් උපුටා දක්වන්නට සමර්ථ වේ. තමන්ට ඇවැසි පරිදි මාක්ස්ගේ හො ලෙනින්ගේ මස් රාත්තල් හො කිලෝ ගනනින් කපාගන්නට ඔහුන් සුරුවිරුකම් ඇත්තේය. කටින් බතල කොල සිටුවන්නවුන්ගේ රූපකාරකයන් භාවිතාව තුල නිෂ්චය වන්නාසේ ජ.වි.පෙ.ද එහි විමතිකයන්ගේ ද ප‍්‍රකාශනයන්ගේ ව්‍යාජත්වයන් දේශපාලනික සමාජ භාවිතාව තුලින් ගම්‍යමාන වේ. ජ.වි.පෙ. පෙරදි ස්වකීය දෘෂ්ටිවාදයන් සහ ප‍්‍රකාශනයන් සමග ගැටුනවුන් කායිකව මරා දැමුවෝය. කම්කරු මාවත අලෙවි කල වි.කො.ස. සාමාජිකයින් ට පහර දි මරණ තර්ජන එල්ලකලා සේම ජන අරගලකරුවෝද ආවේණික ස්ටාලින් ප‍්‍රතිපදාවේ නිමග්න වෙමින් වෙනස් මිනිසෙක්ය යන සටන් පාඨය මත නිරුවතින් රගමින් ,පති‍්‍රකා බෙදු වි.කො.ස.සාමාජිකයින්ට පහර දුනි. ජ.වි.පෙ. සේම ජන අරගලකරුවො ද ශිෂ්‍ය ව්‍යාපාරය අතකොලුවක් සේ උපයෝජනය කරනු ලබන අතර ශිෂ්‍ය ව්‍යාපාරය අයෝමය වැඩවසම් ස්වරූපයකින් හසුරුවනු ලැබේ.

ජන අරගලකරුවන්ට ප‍්‍රමුඛ සටන ඇත්තේ ස්වකීය අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතාවයන් සමගය. ජන අරගලය හසුරුවන සියලුම පිරිස් බලවේගයන් දෘෂ්ටිමය වශයෙන් ජ.වි.පෙ. හා අනම්‍යව බැදි සිටියවුන්ය. ජ.වි.පෙ. විසින් පුබුදුලා ප‍්‍රමුඛ විමතිකයන්ට පහර දුන්නේ පුබුදුලා ද වරුණලා ද ජ.වි.පෙ. නියෝජනය තුල සිටියදි පරිහරණය කල ත‍්‍රස්තවාදි , ජාත්‍යන්තරවාදි කුමණ්ත‍්‍රන වල හවුල්කරුවන් ලෙසය. ලලිත් කූගන්ලා සැගවි සිටිදැයි ප‍්‍රථමයෙන්ම සොයා බලිය යුතුබව හදුන්නෙත්තිලා ප‍්‍රකාශකරන විට විමතිකයන්ට තමන් වර්ධනය කල අවස්ථාවාදි දෘෂ්ටිවාදයේ ස්වභාවයන් වැටහිය යුතුය. ජන අරගලකරුවා මුහුණ දී සිටිනුයේ ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී වැනි උභතෝකෝටිකයකටය. ජ.වි.පෙ. භාවිතයන් ද ඉන් වර්ධනය කෙරුනු දෘෂ්ටිවාදයන්ටද තීරණාත්මක පහර ගැසිමකින් තොරව ජන අරගලකරුවන්ට ඔහුන්ගේ ඛණ්ඩනයේ සුවිශේෂත්වය ප‍්‍රත්‍යක්ෂ ලෙස ස්ඵුට කිරිමට නොහැකිය. ජන අරගලකරුවන්ගේ ආචරණයන් එබදු දෘෂ්ටිවාදි ගැටිමකට සුදානම් බවක් නොපෙන්වන අතර එය සිදු කරමින් සිටිනුයේ එකම ඉලක්ක දේශපාලන ප‍්‍රජාවන් දිනාගැනිමේ තරගයක ,මැලිබන් යහගුණයෙන් පෙරට ලෙසද මන්චි ලංකාවේ එක ලෙසද , කරනු ලබන ප‍්‍රචාරණවාදි ව්‍යාපෘතියක නිමග්න වීමය. ජන අරගලය විසින් භාවිතා කරනු ලබන උපායමාර්ගික හා ප‍්‍රචාරණවාදි එලඔුම් ද ජ.වි.පෙ. හා සමාකාරත්ව එලඹුම් වේ. චේ වගේ වෙමු , වෙනස් තාරුණ්‍යක් වැන් ප‍්‍රවේශයන්හි ඇත්තේ පිරිස් අකර්ෂණය ද පිරිස් බලය තහවුරු කරගැනිමේ ද උපයෝජනවාදි ස්වරූපයන් මිස වඩා ඉවසීමකින් යුතුව න්‍යාය වර්ධනය කරමින්ද ප‍්‍රයෝගිකත්වය තුල එය ගලපමින්ද යන ගමනක් නොවේ. පිරිස් රදවා ගැනිමේ අධ්‍යාශයෙන් තවදුරටත් ජ.වි.පෙ. හා සමගාමි මතවාදයන් ප‍්‍රවර්ධනය කිරිම ජන අරගල ව්‍යාපාරයද ස්වකීය ශක්‍යතාවයන් දැනුවත්ව අපසරණය කිරිමක් වන අතර ඉන් එවැනි කි‍්‍රයාදාමයකට වඩා වැඩි යමක අපේක්ෂා කල නොහැකිය.

ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හා ජ.වි.පෙ. ද තීරණාත්මක ලෙස ප‍්‍රතික්ෂේප කරන එහෙත් සංචිත විම සදහා විකල්ප පක්ෂයක් හො සංවිධානයක් නොමැතිව නන්නත්තාරව සිටි පිරිසකට ජන අරගල ව්‍යාපාරය උත්තේජනයක් වු අතර එහි ප‍්‍රතික කි‍්‍රයාවන් ලෙස ජන අරගලය ගැන සුබවාදි විචාර ලියන්නො එය විශ්ලේෂණාත්මක කියවීමකට වඩා රොමෑන්තික ලිවිමක් බවට පරිවර්ථනය කොටගෙන ඇත. ජන අරගලකරුවාට ස්වකීය තේමා සටන් පාඨයන් භූමිය තුල සත්‍යාපනය කල හැකිද යන්න එහි සංවිදිත පිරිස් සංයුතියේ හා දෘෂ්ටිවාදි ප‍්‍රවේශයන් හරහා කියවා ගත යුතුවේ.

මම කැම්පස් එකට ආව දවසේ
ලෙනින් ඇවිත් මාව අල්ල ගත්තා
අනේ මැක්සිම් සීයේ - ගිහින් අම්මට කියන්න
ඇවිත් මාව බේරගන්න කියලා.

පේරාදෙණිය සරසවියේ හිල්ඩා නේවාසිකාගාරය තුල කුරුටු ගා තිබු ඉහත කවිය ජ.වි.පෙ. ශිෂ්‍ය දේශපාලනයේ සම්පිණ්ඩණයකි. ධනේෂ්වර යාන්ති‍්‍රකභාවයට එරෙහිව ජ.වි.පෙ. විසින් වර්ධනය කෙරෙමින් තිබුනේ ද වාමාංශය ලෙස හැගවුම්කරණය කෙරුනු යාන්ත‍්‍රිකත්වයකි. ශිෂ්‍යා බලහත්කාරි එලඔුමක් හරහා පක්ෂ මෙවලමක් බවට ක‍්‍රමිකව පරිවර්ථනය කෙරෙන අතර පක්ෂ නිලධරයේ මුග්ධ අවස්ථාවාදි දේශපාලන තීරණයන්හී පෙරමුණු රූකඩයන් වන්නේ ඔහුන්ය. දෙමල ලේ ඉල්ලා ලිප්ටන් වටරවුමේ හඩ තලන්නේ ද , තවත් සටනකදි ධනපති පොලිස් පොලු පහරට පශ්චාත්භාගය පුදකරන්නොද මේ ශිෂ්‍යයෝමය. ජන අරගල ව්‍යාපාරයේ සංවිහිත බහුතරයෝ ද එහි සටන්කාමි ගාමක බලවේගයෝ ද මේ ශිෂ්‍යයන්මය. කාලාන්තරයක් තිස්සේ ජ.වි.පෙ. හරහා හැඩගැසුනු සහ එහි දෘෂ්ටිවාදයන් අධානග‍්‍රාහි ලෙස අවිචාරශිලිව ඇදහු භක්තිමත් ශිෂ්‍ය ප‍්‍රජාව හරහා සාධාරණ සමාජයක් වෙනස් මිනිසෙක් යන තේමාව පූරණය කරනුයේ කෙසේද? ජන අරගලකරුවා ද ශිෂ්‍ය ව්‍යාපාරයේ වැවසම් මුලයන් සමග නොගැටෙන අතර ශිෂ්‍ය ව්‍යාපාරය පිඔුරුවාදි න්‍යායෙන් භක්ෂණය කරමින් සිටි.

රොහණ විජේවීරයන්ගේ මාක්ස්වාදය ලාංකීය සුවිශේෂිතාවන්ට ගැලපිය යුතුයැයි යන ප‍්‍රවාදය විස්ථාරණය කරමින් පුබුදු ජයගොඩ විසින් අද්‍යතන අධිරාජ්‍යවාදයේ ස්වරූපයත් ඒ හරහා ගොඩනැගෙන ජාතික අනන්‍යතා හරහා විමුක්ති කතිකාවට ප‍්‍රවේශ වීම පිලිබද වු ජ.වි.පෙ. මතවාදි එකගතාවයත් ඒ සදහා මෙරට බහුතර සුලු ධනපති පන්තිකයන් මත පාදක විමට සිදුවු බවත් අවධාරණය කොට තිබුනි. ගුඩ්බායි විජේවීර ලෙස රාවය පුවත්පතට පශ්චාත් මාක්ස්වාදි විශ්ලේෂණයක් ලෙස නාමකරණය කරන ලද වියමනක් තුලින් සුමිත් චාමින්දයන්ද ජාතික අනන්‍යතා මත පදනම් වන විමුක්ති කතිකාව සදහා විජේවීරයන්ට ජාත්‍යන්තර අනුභූතින්හිද උපස්ථම්භකත්වයක් ලද බව ප‍්‍රකාශ කරයි. ජාතික විමුක්ති කතිකාවට ද ජ.වි.පෙ. දෘෂ්ටිවාදයන්ටද එහි භාවිතයන්ටද එරෙහිව ජාත්‍යන්තරවද මෙරට ද නැගි ආ ට්‍රොස්කිවාදි න්‍යායික අරගලය මෙම දෙපල විසින් වුවමනාවෙන්ම වසා දමනුයේ මන්ද.? විජේවිර ජාතික සුවිශේෂිතාවයන් ලෙස ජාතිය හා ආගම්වාදය පදනම් කොටගත් ප‍්‍රතිගාමි දෘෂ්ටිවාදයක් වර්ධනය කල අතර දියුණු මාක්ස්වාදි න්‍යායික පසුබිමක් සහිතව කමකරු පන්ති විඥඥාණය ඇති කරමින් ධනපති ක‍්‍රමවිරෝධි නොනවතින අරගලයක් ගෙනයනවාට වඩා එය පහසුවෙන් ද වේගවත්ව ද සිදුකල හැක්කක් විය. එහිදි ජ.වි.පෙ. සිදුකලේ සුලු ධනේෂ්වරයේ මනෝභාවයන් ප‍්‍රවර්ධනය කරන්නාද ප‍්‍රචාරකයා ලෙසද ස්වකිය ව්‍යාපාරයට ඇවසි ගාමක තල්ලුව සුලු ධනපති පන්තියෙන් ලබාගැනිමය. කියුබාව තුල බැසිස්ටා පාලනයට එරෙහිව වු සටන්ද එහි දඩබ්බර චේ ගේ භූමිකාවද මෙරට විජේවිර ප‍්‍රමුඛ ජ.වි.පෙ. විසින් ආදේශ කරගනු ලැබු අතර ස්වකීය සටනේ වියහැකිභාවය සදහා නිදර්ශකයද පිටුබලයද ඒ තුලින් ලබා ගන්නා ලදි.

ජ.වි.පෙ. විසින් මුලික සටන් පෙරමුණ ලෙස හදුනාගනුලැබුවේ දේශපාලන ආර්ථික අරගලයයි. පෞද්ගලික අයිතිය මත පදනම් වු ධනේෂ්වර අර්ථක‍්‍රමයට ඉදිරිගාමි අර්ථක‍්‍රමය ලෙස මාක්ස්වාදින් විසින් සාමුහික දේපල ක‍්‍රමය මත පදනම් අර්ථක‍්‍රමයක් යෝජනා කරනු ලබන අතර ඉන් විලුම්බනය කල දේපල අයිතිය සාමුහිකකරණයට අදාල මෙහෙය වීමක් ජ.වි.පෙ. ට වු බව එහි ප‍්‍රකාශනයන් තුල ඇත. ඒ සීමිත අර්ථයෙන් ජ.වි.පෙ. ධනේෂ්වර අර්තක‍්‍රමය සමග ගැටුනු නමුදු එය වියුක්තකරණ කි‍්‍රයාවලියක් විය. ජ.වි.පෙ. නිර්මාණය කරනු ලැබුවේ ධනේෂ්වරයටද වඩා ප‍්‍රතිගාමි වැඩවසම් බන්ධූත්වයක් සහිත සංස්කෘතික සත්වයෙකි. පොදු සමාජීය සංස්කෘතික ප‍්‍රකාශනය් පරමාදර්ශි සංස්කෘතික ස්ථාපනය ජ.වි.පෙ. ලෙස හැගවුම්කරණයට මේ සදාචාරවාදිහු පෙල ගැසුනි. ජ.වි.පෙ. සංස්කෘතික නිමවුම ගුණදාස කපුගේ ගේ ගීත පමණක් රසවින්දනයට හුරුවු ව්‍යාජ ඉන්දියානු ව්‍යාප්තවාදයේ නන්දෙඩවිලි එසේම තිබියදි අමරදේව උත්තරාරෝපණය කරමින් කේමදාසයන් බැහැර කල ධනවාදි රාජ්‍ය නාට්‍ය උලෙලෙ ප‍්‍රධාන නාට්‍ය සැපයුම්කරුවා වන , බඩු නොගසන , සිහිනෙන් වත් පව් නොකරන සාදාචාරවාදියෙකි. පක්ෂ කේඩරයට පක්ෂය යනු දෙවොලකි. ජන අරගල ව්‍යාපාරයටද සංස්කෘතික ගැටිමක වුවමනාවක් නොමැති අතර පොදු දැනුම සමග ගැටිම නොව එය ස්වකීය දේශපාලන චලිතයේ ලිහිසි ද‍්‍රාවණය ලෙස උපයෝගි කරගනි.දෙවොලේ භාරකාරත්වය උසුලන කපුවන්ට පහර ගසන්නට ජන අරගලකරුවා ඉදිරිපත් වුවද රතු තිරයේ පිටුපස පුජාසනයේ වැඩසිටිනා දෙවියන් , විජේවීර සහ ඔහුගේ දෘෂ්ටිවදෙයන් , විවේචනය නොකරයි.

පීඩිත දමිල අරගලය සම්බන්ධයෙන් වන ජන අරගලකරුවන්ගේ ආස්ථානයද රැඩිකල්කරණයට ලක්වි නොමැති අතර බලය විමධ්‍යගත කිරිමට සියලු මාක්ස්වාදින් එකගයි ද , පීඩිත ජාතින්ගේ ගැටලු පරිපුර්ණ ලෙස විසදිය හැක්කේ සමාජවාදය එලඹීමෙන් අනතුරුවයි ද යන දියාරු ප‍්‍රතිපදාව මෙම අවස්ථාවාදින්ගේ ආස්ථානය වේ. මෙයද ජ.වි.පෙ. කාලානුරූපිව සහ අවස්ථාවාදිව මුදාහැර තිබ දේශපාලන ප්‍රෝඩාවන් හා අනුරූපි වේ. ලයනල් බෝපගේ ද රෝසා ලක්සම්බර්ග් හා සමගාමි වු ජ.වි.පෙ. පීඩිත ජාතින් පිලිබද වු ප‍්‍රවේශය පහුරුගාමින් ස්වයං නිර්ණය අයිතිය පිලිගනු ලැබු අතර පුබුදුලා විසින් වහරන සමාජවාදය එලඔිමෙන් පසු යන වහන්තරාව තුල බෝපගේද පීඩිත ජාතියේ ගෙල සිරකර දමනු ලැබිය. මේ කුතර්කයන් ලෙනින් විසින්ම ස්වකිය තර්කයන්ගේ කුඩුකර බොහො කල්ගෙවි ගොස් ඇත. මාක්ස්වාදින් ලෙස සුරාකෑමේද මර්ධනයේ ද සකලවිධ ප‍්‍රවාචයන්ට එරෙහිව කම්කරු පන්තිය ලෙස රාශිගත වි පහර ගැසිය යුතුය. ජන ඝාතක ධනපති රාජ්‍ය භීෂණයකට දෘෂ්ටිවාදි සහ භෞතික සැපයුම්කරුවන්ව සිටියවුන්ගේ මෙම ජන අරගල ව්‍යාපාරය හො අපි ශි‍්‍ර ලාංකිකයෝ ලෙස උතුර සමග වන ගනුදෙනුව මර්ධන යාන්ත‍්‍රණයන් ඔස්සේ ඒකාබද්ධ කල උතුර දෘෂ්ටිමය ලෙසද ධනේෂ්වර රාජ්‍යට දෘඩව ගැට ගැසිමේ මුලෝපායකි.

"මේ ව්‍යාපාරය තමන් මාක්ස් ලෙනින්වාදි ව්‍යාපාරයක්යැයි හදුන්වා ගන්නා නිසාත් ඔහුන් මාක්ස් ලෙනින්වාදය තම අවස්ථාවාදි අරමුණු වලට අනුකුලව විකෘතිකර ඇති නිසාත් විශේෂයෙන්ම ලංකාවේ කමකරු පන්තිය දේශපේ‍්‍රමිත්වයේ රැහැනින් ධනේෂ්වරයට ගැටගැසිමට කි‍්‍රයාකරන නිසාත් කම්කරු පන්තිය ධනේෂ්වරයෙන් ස්වාධින කර ගැනිම සදහා ගෙනයා යුතු සටනේ අනිවාර්්‍ය කොටසක් බවට ජනතා විමක්ති පෙරමුණේ දේශපාලනයට විරුද්ධ සටන පත්වේයැයි "..... කීර්ති බාලසුරිය සහෝදරයාගේ ආස්ථානයට අද දවසේ ජන අරගල ව්‍යාපාරයට විරුද්ධ සටන ...........ලෙසද ඌණ පූරණය කල යුතුව ඇත. සංසර්ගය සදහා වම නැමති ලිංගික ජිවියා නොමැතිව ස්වයං වින්දනයේ යෙදෙමින් හුන් ප‍්‍රජාවකට ජන අරගල ව්‍යාපාරයේ පැනනැගිම ද එහි මධ්‍යම පන්තික මද කිපිම්ද ජ.වි.පෙ. බන්ධුත්වයෙන් නිෂ්චය වු පුර්ව රූපයන් පිලිබද වු ස්මෘතින් ද ක්ෂණික මෝචනයක් ගෙනා අතර පුරුෂෝත්තම ඇන්නා පැන්නා ලිංගික සංස්කෘතියේ සදාචාරවාදි සාමාජිකයින් ඉවක් බවක් නොමැතිව ජන අරගලයට මෝහනය වි ඇත.

ජ.වි.පෙ. වාමාංශික පක්ෂයක් ලෙස ස්වයං හදුනාගැනිමත් ඊට විලෝමව වාම බුද්ධිමය ආධිපත්‍යධාරින් එය සුලු ධනේෂ්වර පක්ෂයක් ලෙස හදුනා ගැනිමත් දැකිය හැකි වු අතර ඊට විලෝමව මහ සමාජය විසින් වාමාංශය යන්න හදුනාගනු ලැබුවේ එ.ජා.ප. විරෝධි වීම යන සරල පටු නිර්ණායකය මතය. එබදු හදුනා ගැනිමක් සදහා වන මුලික තල්ලුව මෙරට මහා සමාජයට මුදාහැරුනේ මෙරට අවස්ථාවාදි වාමාංශිකයන් හරහාය. ඒ අනුව මහින්ද රාජපක්ෂයන්ද ,මර්වින් සිල්වාද ,ටිලවින් සිලවාද, ඩිව් ගුණසේකරද, වාසුද ,යන සියල්ලෝම වාමාංශිකයෝය. වම සහ දකුණ යන භේද්‍යතාවය හොද නරක , දෙවියන් සහ සාතන් ගේ ධනේෂ්වර රූපික ස්ථාපනයන්ය. මයි බිග් ෆැට් ගී‍්‍රක් වෙඩින් යන සිනමා වියමන ඇමරිකාවට සංක‍්‍රමණය වි එහි ම ශක්තිමත් ආර්ථික සථාවරයක් ගොඩනගා ගනිමින් ගී‍්‍රක සංස්තෘතික මුලිකාංගයන් දෘඩව රකිමින් ජිවත් වන ගී‍්‍රක සම්භවයක් සහිත විස්තීර්ණ පවුලක් වටා ගොඩනැගුනු සිනමා පටයකි. ගී‍්‍රක සම්බන්ධතාවයන් සදහා ප‍්‍රමුඛත්වය නිරතුරුව ලබා දෙන පියා සිය පවුලේ සෙස්සන්ට සේම විවාහාපේක්ෂිත දියණියට සොයනුයේ ද ගී‍්‍රක සම්භවයක් සහිත තරුණයෙකි. එහෙත් දියණිය අවන්හලකදි මුණගැසෙන වෙනත් සම්භවයක් සහිත තරුණයකු හා පේ‍්‍රමයෙන් වෙලෙන අතර අවසානයේ පියා ද දියණියගේ වරණය භාරගනි. දියණිගේ විවාහ පි‍්‍රය සම්භාෂණ උලෙලෙදි පියා අපුරු ප‍්‍රකාශයක් සිදුකරයි. සිය පෙලපතේ ගී‍්‍රක අරුත ඇපල් බවත් අභිනව බෑනා වෙනත් සම්භවයක් සහිත වුවත් ඔහුගේ පෙලපතට ද ගී‍්‍රක සමභවයක් ඇති බවත් එහි අරුත දොඩම් බවත් අවසනා අරුතින් ඇපල් සහ දොඩම් අතර කවරාකාරයේ අසමානතාවන් වුවද සියල්ල පලතුරු බවත් ප‍්‍රකාශ කරයි. වම දකුණ ද ඇපල් සහ දොඩම් බදුය.

ලාංකිය භුමියේ ආරම්භ කල යුත්තේ වාම සංවාදයක් නොව වම යනු කුමක්ද යන්න පිලිබද වන සංවාදයකි. ධනේෂ්වරය ශුද්ධ වු සියල්ල කෙලසන්නේයැයි මාක්ස් කියු ලෙසම එය සියල්ල කෙලසා දැමුවේය. මාක්ස් යෝජනා කරන්නේද බලයේ ප‍්‍රවාචමය අත්හදා බැලිමකි. ලෙනින් ද ,ඉන් පසුව රූපමය පරස්පරතාවයන් තිබියදි වෙනත් ස්ථානයන්හිද" උදුරා ගන්නවුන්ගෙන් උදුරා ගැනිම "පරික්ෂාවට ලක්කල අතර ප‍්‍රයෝගික්ත්වය තුල බහුල ලෙස ඒ සියල්ලම ධනේෂ්වරයට වඩා පසුගාමිත්වයන් ද වඩා දරුණු මර්ධනයක්ද ජනිත කෙරුණි.ධනේෂ්වර සංස්කෘතිය උරාගත් සමාජයක් ද එහි ජිවින්ද අධස්ථ ව්‍යුහයේ අයිතියේ සිදුවන උදුරාගැනිමකින් පමණක් විප්ලවිය පරිවර්ථනයකට ලක්කල නොහැකිය. වැඩවසම්වාදය යටකර දමමින් ධනේෂ්වරය විප්ලවිය කාර්්‍යයක් ඉටුකල නමුදු වැඩවසම් ස්වරූපයන් ,ධනේෂ්වරයේ සුතිකාගාරයේ ද ලෝකය පුරාද විවිද රූපයන්ගෙන් පැනනැගෙමින් ධනේෂ්වරය පූර්වයේ පුර්ණ කල විප්ලවීය කාර්්‍යට ඔච්චම් කරනු ලැබේ. එලෙසම ධනේෂ්වර සංස්කෘතික ජිවියා හා වන සටන ඉදිරි විප්ලවිය සටනක පුර්වාවශ්‍යතාවද ,සටනේ ජීවයද වනු ඇත. ධනේෂ්වරයේ දෘෂ්‍යමානයන් සහ ඒ ඔස්සේ ගොඩනැගෙන පුස් සටන් නොව යට ස්ථරයේ ඇති යථාව ස්පර්ෂ කරනු ලබන න්‍යායික ගොඩනැන්වීම්ද එවැනි ගොඩනැගිම් ධනේෂ්වර සමාජිය ජිවියාගේ ජිවන විලාසිතාවට අවශෝෂණය වන්නට සැලස්විමද වඩා දෘඩ ,කල් අලලා සිටින සමාජ පරිවර්ථනයක් සදහා වන එලඔුම වනු ඇත. ලාංකීය භුමියේදි ධනපති විවිධ ස්ථරයන් ද එහි හෙජමොනිය සමග වන ගැටුමද ජ.වි.පෙ. හා එහි අවස්ථාවාදි බිදිම් ද දෘෂ්ටිවාදයන්ද තිරාණාත්මක ලෙස පරාජය කිරීම එහි පුර්ව රූපය වේ.

No comments:

Post a Comment