Saturday, February 4, 2012

වෙනස්වීම


"යනව අයිසෙ පන්තියෙන් එලියට.......මම ඇදල දාන්න ඉස්සර...අම්මල තත්තලගෙ සල්ලි කාබාසිනිය කරනව මදිවට අපෙත් නම් කැත කරන්න එනව.
තමුසෙට මම කී දවසක් කියල තියෙනවද......කොහෙද ඉතින් කාලකන්නි කම කොහොම වහන්නද....."

දන්තනාරායන සර් ගිරිය කඩාගෙන කෑගහනව. ඒ මනුස්සයගෙ මූණ රතු පාට වෙල, ඇස් නළලට දුවල ලොකුවෙච්ච ඇස් දෙකෙන් ලේ නහර ඉලිප්පිල පේනව.

"මොකද අපි ගුරුවරු දණ ගහල කිවුවත් බලු නකුටු වල ඇද අරින්නයැ.."

"දන්තයට පුපුරන්න මල පැනල වගෙ.."

පංතියෙ මේස පේලියෙ මැද මේසෙ බිත්තිය කොනට වෙල බිත්තියට හෙත්තු වෙල හරහට වාදිවෙච්ච ප්‍රියංකර ඉස්සරහ පේලියෙ බිංදුවගෙ කනට කරල හිමීට කිවුව.
ගෑනු ලමයින්ගෙ පැත්තෙ දෙවැනි පේලියෙ හිටිය නිසන්සලා මෙච්චර වෙලා ඇරං හිටපු කට වහගත්තෙ මැස්සෙක් වියතක් විතර දුර ඉදං බ්රේක් පාරක් ගහගෙන ආපු සද්දෙ ඇහිල.

"අඩෝ උඹ දන්නෑ මචං බාසා පන්තියෙන් විසුවුනේ කොහොමද කියල. මේං උගේ පොත් ටික."
අරවින්ද බාසගෙ දෙකට නවල තිබුන පොත් දෙක ඉස්කොලේ හාදයෙකුට පෙන්න පෙන්න පංතියෙ සිද්දිය කියන්න පටන් ගත්තෙ බයිසිකලේ පොල්ලට හේත්තු වෙල කොකාගල කඩේ හන්දියෙ වලට සෙට් වෙන්න හදන ගමන්.
බාස උගේ හරි නම ප්‍රබුද්ධ. ඉතින් ඉදල හිටල ඌට ඉස්කෝලෙ මතක් වෙලා ඉස්කෝලෙ පැත්තෙ ආවම ගුරුතනතුරු වලට සුප්‍රබුද්ධ මහරජාණොවත් මතක් වෙනව.
සමහර දවස් වලට මිනිහ ඉස්කෝලෙ පටන් ගත්තට පස්සෙ පංතියට එන්නෙ විදපු දකුණු කණ පංතිබාර මිස්ට පේන්න නොදෙන්න බෙල්ල ඩිංගිත්තක් නවාගෙන කන්පෙත්ත
අතුල්ල අතුල්ල. බෙල්ලයි කොන්දයි නවල උඩු ඇහිබැමි ගාවින් මිස් දිහා බලල කට්ට හිනාවක් දැම්මට ඌ මාර බුලට් එක තමයි. පොර වෙන්න ඕන දෙයක්. දවසක් කිං,
ඒ කියන්නෙ ඉස්කෝලෙ ලොකුයි කියල හිතාගෙන ඉන්න ගැන් එකේ ලොක්ක ආරියරත්න හෝල් එකේ දෙවෙනි තට්ටුවෙ ඉදන්  බිමට පැනපු වෙලාවෙ නෝන්ඩියෙන් බේරිල මං
පොර වෙන්න මුලු ගැන් එකම කිංව ෆලෝ කරපු වෙලාවෙ බාසත් පැනල කකුල උලුක්කු කරගෙන සති දෙකක් තිස්සෙ උගේම ගන් එකෙන් නෝන්ඩි වෙවි හිටිය.

"අම්මට උඩු කින්ට නං ඉතින් බෝතලයක් කැඩුවොත් උගුරු දෙකයි."

"අඩෝ ඒකට බාසයි, චම්පයි.. මූඩිය නාහෙට ඇල්ලුවත් වෙරිවෙන්නෙ හතර ගාතෙන් යන්න.."

කොකාගල කඩේ හන්දියෙ හතර වටෙන් සද්ද පිරිල තියෙන්නෙ ක්ලාස් ඉවර වෙලා වලට සෙට් වුන උන්ගෙනුයි, බසුයි වාහනයි එනකන් බලන් ඉන්න උන්ගෙනුයි.

"ඇයි අර කරාබුවක් කියල මොකක්දෝ උලක් කනේ ගහගෙන ඉන්නෙ. මට හිතෙනව වෙලාවක ඒක බෙල්ලෙ ඇනෙයි කියල."
බකස් ගාල හිනා පාරක් ආවෙ පේස්ටි කඩේ ඉස්සරහ තමුං එක්කන් යන්න තාත්තල අම්මල එනකන් බලාගෙන හිටපු කෙල්ලො සෙට් එකකින්. සහතිකයි කතාව බාස ගැන වෙන්න ඕන. යකඩො මූ පොර වෙච්ච තරම. බලු දම්වැලක් කරේ එල්ලගෙන-උපුටා ගැනීම දන්තෙ සර්ගෙ ශබ්ද කෝෂයෙන්- සෙන්ට් නාල කරාබුවක් දාගෙන ඉස්කෝලෙ නිවාඩුව හින්ද තට්ටෙත් ගාගෙන පොත් ටික දෙකට නවාගෙන පන්තියට ආපු ටිකට මූ මාර පොර. දන්තෙ සර්ට වැඩිම ප්‍රශ්නෙ උනේ ඌ ප්‍රබුද්ධ උන එක ගැන. හතර වටෙන් පටි එල්ලිච්ච මහත මාලෙ පේන්න බොත්තම් ගලවගෙන කලු අත් කොටට නවල තිබුන ෂර්ට් එකයි සුදු පාට බෝට්ටු සෙරප්පු දෙකයි මුගේ ප්‍රබුද්ධ කමට බාධා වෙනවයි කියලයි සර් කියුවෙ.

"අපි ජීවත් වෙන්න ඕන සර්ට ඕන විදියටද....." උගේ හැකර කට වෙලාවට වැඩ කරා. ඌ අවුට් ඔෆ් ද ක්ලාස්…

"පව්" සමහර කෙල්ලො එහෙමත් කිවුව. ඉදල හිටල කෙල්ලො ඉස්සරහ කලිසන් කකුල උස්සල ලගදි ගහගත්තු පච්චෙ පෙන්න පෙන්න
 මං පොර කතා කීවට එයා හරි හොදයි කියල සමහර කෙල්ලො කිවුවෙ ඌ යථාර්තෙ ගැන එහෙම සිරාවට විස්තර කර කර බරසාර කථා
 කියන හින්ද වෙන්න ඇති. …………………..

"මේ බූරුවොන්ට වැදගත් විදියට හැදෙන්නෙ බෑනෙ"

දන්තනාරායන මිස් තමන්ගෙ පිගානට පරිප්පු ටිකක් බෙදද්දි සර් කිවුවා.

"හිතන්න පුලුවන් හොද හැදියාවක් තියෙන ළමයි නම් ඔහොම හැදෙයියැ. අඩුම තරමිං ඇදුං ටිකවත් පිලිවෙලට..."

දන්තෙ සර් නෝනට පන්තියෙ සිද්දිය කිවුවෙ තද වෙච්ච පාර මූඩ් අප්සට් ගහල බාගෙට පන්තිය නවත්තල ගෙදර ආපු ගමන්මයි.

"කොහෙද ඉතින් දැං එකෙකුට පාරක් ගහන්නවත් පුලුවනෑ.. මොන අයිතිවාසිකම්ද මොනාද නෙ.. මුං පිස්සොනෙ, රස්තියාදුකාරයො වගේ.. ලමයියැ..අපේ පන්ති වලට එනකොට අපිටත් ලැජ්ජයිනෙ.. නැද්ද මං අහන්නෙ. මට නං ඔය රස්තියාදුකාරයොත් එක්ක කතා කරන්නත් අප්පිරියයි"
නෝනත් හිමීට ඔලුව වැනුව.

"තාත්ත අනික් මිනිස්සුත් තාත්ත වගේ කරගන්න හදනව. අනුන්ගෙ ජීවිත ඇතුලෙ තාත්තව හොයනව.
 දැක්කෙ නැති උනාම හරි හොයාගන්න බැරි උනාම හරි වටේ ඉන්න අයට පුප්පනව."

නිමන්ති රංගගෙ අක්කට ඉක්කාවක් ආව. තාත්තගෙ ඇස් උඩ ගියා.
"පුතා..." අම්මගෙ වචනෙ ඉවරවුනෙ කතාව නවත්වන්න තරවටවකුත් එක්ක.

ඒක නං ඉතින් පුදුම වෙන්න දෙයැක්යැ...."නිදහසෙ කතා කරන අයවලුන් මර්ධනය කල යුතුය."- අපේ දේශපාලනයෙ පැවැත්ම තීරනය වන සාධකය..එහෙම නැත්තන් අපේ ලොක්කන්ගෙ ආදර්ශ පාඨය... සර්යි මිසුත් වුනත් උන්ට මනාපෙ දෙන උන්නෙ.. ඒ කියන්නෙ ඒක ඒගොල්ලගෙත් ආදර්ශ පාඨෙ.  මරු… මරේ මරු..........

"ඇයි තාත්තට හිතන්න බැරි ඔය තාත්තල අම්මල හැදිච්ච හැටියෙ වරද කියල.. වැදගත් කියල මොකක්ද එකක් හදල ඒකෙ ඇතුලෙ අනික් උන්ට ජීවත් වෙන්න කියනව.. මිනිස්සු කැමතියි නිදහසේ ජීවත් වෙන්න.. කවුරුවත් කියන විදියට නෙවෙයි.. ඔයගොල්ලො තව ඕව උගන්නනවත් එක්ක.. ඒ කියන්නෙ අපිත් එක්ක ජීවත් වෙන තවත් කොටසක් කොන් කරන්න උගන්නනව...තාත්ත හොදට මතක තියාගන්න..."
රංගගෙ කටට වචන ගලාගෙන ආවට ඌට හිතුන තාත්තට මේව කියල වැඩක් නැති බව. අවුරුදු පනහක් විතර තිස්සෙ ඔහේ ගලාගෙන ගියපු සමාජ සම්ප්‍රදායක් හිස්මුදුනෙ පුරවගෙන උදේ හවා නමස්කාර කරන මිනිසුන්ට මිනිස්සුන්ගෙ නිදහස ගැන මොන පැහැදිලි කිරීම්ද......

"මෙයා දන්න දේවල්" නිමන්ති රංග දිහාවට අත දික් කරගෙන හිනා වෙනව. තාත්ත කට පියාගෙන කෑම කනව.

"එහෙම නැතුව කොහොමද හලෝ හොද රස්සාවක් කරන්නෙ.. තමුසෙ ඉතින් ගොවි මහත්තයනෙ.. අමුඩෙ ගහගෙන මඩේ ලැගල ඉන්න...."
රංග අක්කත් එක්ක වාදෙට නොගියෙ දිනන්න බැරි බව දන්න නිසා. කටේ බලේට සේරම යටයි. ගොයම් කොලේට මුවාවෙල වෙඩි තිවුව කතාව මතකනෙ.. නිමන්ති තමයි දැන් බාලිකාවෙ හෙඩ් ෆ්‍රිෆෙක්ට් සහ ඩිබෙට් ටීම් එකේ ලීඩර්..   ඉතින් අර රංග මොනව කරන්නද........

රෑ කලාමැදිරි සද්දෙ විතරයි... නෑ හිතත් කෑගහනව. හීනෙන් වගේ සර්ට ඇහුන.

"අනුන්ගෙ ජීවිත ඇතුලෙ තාත්තව හොයනව........" 

සර් උදේ පාන්දර එලියට බහින කොට අල්ලපු ගෙදර ජගත් ගේට්ටුව ගාව බයිසිකලෙ පැනපු චේන් එක දානව. මිනිහ අලුත් හෙයා ස්ටයිල් එකක් හොයාගෙන... කොන්ඩෙ මැදින් තීරුවක් නලල ගාව ඉදන් පිටිපස්සෙ බෙල්ල ගාවටම තඹ කරල.. ආම් කට් එක නිසා දකුණු අතේ ගහල තිඋනු මකර පච්චෙ සිරාවට පේන්න තිබුන.
"හා... ඉලන්දාරිය  කොහොමද ඉතිං.... ගුඩ් මොර්නින්........"

-නදීශ කරුණාරත්න-

Thursday, December 29, 2011

මට සිතුනා විටකදි ...

මට සිතුනා විටකදි
සිතුනා මට එක මොහොතකදී
එක කාලයකදී
බුදු වුනොත් මැනවැයි කියල

කතාව අවුරුදු තුනෙන් පටන් ගන්නව
මට හිතුන බුදුවෙන්න
ලොවුතුරා බුදු බවට පත්වෙන්න
මතකයි මම මගේ අදහස අපෙ බාල ආච්චිට කිවුව
ඊට පස්සෙ මතකයි මට බාල ආච්චි කිව්ව
පුතේ........ පුතාගෙ අම්මට ඉන්නෙ පුතා විතරයිනෙ
කාලයක් යද්දි ඒක එහෙම්ම නැති වෙල ගියා

ටික කාලෙකට පස්සෙ මට හිතුනා හමුදාවට යන්න ඕනෙයි කියල
විටෙක මට හිතුන සංගීතඥයෙක් වුනොත් මැනවැයි කියල
අවුරුදු පහක් සංගීත පන්ති ගියා
අවුරුදු පහේම ගැහුවෙ එකට සතුටු සාගරේ විතරයි
..............



-සේනාධි ගුරුගේ-

Saturday, December 3, 2011

ඉටිපන්දමක්...

එහි තිබුණු
අඩක් දැල්වුණු
ඉටිපන්දමක්
උන් දල්වා තිබුණා
කිසිදු අඳුරක, කිසිදු දවසක
මා නොදැල්වූ
මතක ස්නේහ තැවරුනු
ඉටිපන්දමක්
මහ දවාලේ
උන් දල්වා තිබුණා

 
-සේනාධි ගුරුගේ-

අංශුපති මියදී...

අංශුපති මියදී
අංශුධාරා මැකී
ගොලුවුනු සූර්ය ගීතිකාවේ
පද නැවත ලියන්නේ කොහොමද
තුඩඟ පුපුරලා අක්ෂර තුලිකාවේ

නිම්න මියැදී
අකලුෂ අබ්ධාරාවන් සිඳි
ගොලුවුනු නිම්න ගීතිකාවේ
පද නැවත වයන්නේ කොහොමද
මළ බැදීලා ගිටාර‍යේ

ඇගෙ සුසිනිඳු වටොර මැලවී
කොපුල් තල හැකිලී
තෙත් දෙතොල මියැදී
ස්මරාසව වියැළි
මියැදුනු ස්නේහ ගීතිකාවේ

මියැදි ඇගෙ දෙතොලත්
හැකිලි ඇගෙ කොපොලත්
මීට කලෙකට මත්තෙන්
සුසිනුදු ඇගේ වටොරත්
මම නැවත තෙමන්නේ කොහොමද
මගේ දෙතොලත් වියැළී පිපාසාවෙන්





-සේනාධි ගුරුගේ-
 

Friday, November 18, 2011

ලුබ්රිකේටන් ඡෙල් වලට සහ ඩිල්ඩෝ වලට ලංකාව බය ඇයි.?

‘ලංකාව යනු ශූද්ධ වු දේශයකි. එහි මැරයින්, කූඩුකාරයින්, ජාවරම්කාරයින්, ගණිකාවන් හෙවත් බඩු, සමලිංගිකයන් නැත. මක්නිසාද යත් මෙය බුදුන්ගේ දේශය වන බැවිනි. ’

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදි අධිපතිව මතවාදයේ අද්‍යතන හැඩය එබදුය. හිට්ලර් ප‍්‍රමුඛ නට්සිවාදීන් පිරිසිදු ආර්්‍ය ජනතාවක් සහිත ජර්මනියක් බිහිකරන්නට කැස කැව්වා සේම මෙහිද ප‍්‍රයත්නය ආර්්‍ය ජනතාවක් , ආර්්‍ය සංස්කෘතියක් සහිත ශුද්ධ වු දේශක් බිහිකරන්නටය. නට්සීන්ගේ ස්වස්ථිකය වෙනුවට සිංහයා ආදේශ වී ඇත. සිංහලයා පාදක කොට ගනිමින් අන්‍ය වාර්ගිකයින් හා සංස්කෘතීන් බැහැර කෙරෙන මර්ධනය කෙරෙන පාගා දමන දේශපාලන සංස්කෘතීක ධාරාවක් පාලක පන්තීන් විසින් හසුරුවන ලබන අධිකාරි මතවාදයන් හරහා ස්ථාපිත කෙරෙමින් පවතී.

සිංහල අධිපතිවාදී මතවාදය සැලකිය යුතු කාලයක් තිස්සේ අවිච්චින්නව පැවති අතර එහි සූවිශේෂි ඛණ්ඩනයක් සිදු නොවුනි. අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතවාදයට සමගාමිව ධර්මපාලයන් වැනි පුද්ගලයන් හරහා ගොඩනැගෙන සිංහල බෞද්ධ මතවාදය අද්‍යතන සමාජ වටපිටාව තුලද පාලක පන්තීන්හී සිතැගියාවන් නියෝජනය කරයි. ධනේෂ්වරය විසින් ලෝක මට්ටමින් වු යටත් විජිතවාදී ස්වරූපී මර්ධන යාන්ත‍්‍රණය හකුලා ගනිමින් දේශීය ධනපති පන්තිය සමග සම්මුතිගාමී වෙමින් දේශීය ධනපතීන්ට බලය පවරා දෙනු ලැබීය. දේශීය ධනපති පන්තිය නියෝජනය කලේ රෙද්ද අස්සේ මහත්වරුන්ය.

රජු , භූමිය , කුලය පදනම් කොට ගත් වැඩවසම් ස්වරූපය අධිරාජ්‍යවාදීනගේ ආගමනයත් සමග පරිවර්තනයකට ලක් වන අතර ඔහුන්ගේ ධනේෂ්වර ආර්ථිකයට අදාල සේවා සැපයීම මගින් දේශීය ධනපති පන්තියක් බිහි වේ. කරාව , සලාගම , දුරාව වැනි පීඩිත කුලයන් ද අරක්කු රේන්ද , ලී බඩු වැනි ව්‍යාපාරයන් හරහා ස්වකීය සාම්ප‍්‍රදායික වැඩවසම් ස්වරුපයන් සමග ගැටෙමින් දේශීය ධනපති පන්තිය තුල පැලපැදියම් වේ. ඔහුනගේ දු පුතුන් යුරෝපකරයට ගොස් අධ්‍යාපනය ලබා ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරයන් සහිතව මෙරටට පැමින විදේශීය පාලන තන්ත‍්‍රය ව්‍යුත්පන්න කරමින් පාලනය සදහා ස්වදේශී ධනපති පන්තිය ආදේශ කිරිමට උත්සාහ ගනී.

ස්වදේශී ධනපති පන්තිය දේශපාලනික වශයෙන් ස්ථාවර වීමේදී මුලික ස්වරූපයන් දෙකක් විශද වේ. කලිසම් කෝට් අගලා ගත් ක්‍රොම්පදෝරු ධනේෂ්වරය සහ ජාතික ඇදුම (?* ඇගලා ගත් ජාතික ධනේෂ්වරයයි. මේ දෙකොට්ඨාශයම ලාංකීය භුමිය තුල වැඩවසම් සම්බන්ධතාවයන් කුඩුකර ෙඓතිහාසිකව පැවරෙන ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියට ගෙන යාමට අපොහෙසෙති වෙි. එහි උත්ප‍්‍රාසය වන්නේ වාචිකව හො මාක්ස්වාදය මත පදනම් වුවායැයි ඉන් නිෂ්පන්න වුවායැයි සැලකෙන දේශපාලන හා සමාජ ව්‍යාපරයන් ද ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉදිරි ගමන සදහා උරදෙනු වෙනුවට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය තුලම ලඝු වීමය. දේශීය ධනපතීන් සිංහල ස්වෝත්තමවාදය යොදා ගන්නේ ස්වකීය බලය තහවුරු කර ගැනීමේ සහ ව්‍යාප්ත කිරිමේ පදනමෙනි. එනම් කොන්ඩම් තියරියෙනි. රාජපක්ෂ පාලනය යනු එහි කූටප‍්‍රාප්තියයි.

දේශීය ධනපති පන්තියේ අධ්‍යාශය වී ඇත්තේ තට්ටු මාරු ක‍්‍රමයට බලය ලබා ගනිමින් දෙන දෙයක් කා බී වෙන දෙයක් බලා සිටින්නා වු යටත් වැසියන් පිරිසක් බිහිකර ගැනීමය. එනිසා ඔහුන්ට මෙහි වැඩවසම් සම්බන්ධතාවයන් පුපුරුවා දැමීමේ වුවමනාවක් නොමැත. ඔහුන්ගේ පාලන උපක‍්‍රමය පදනම් වී ඇත්තේ දුපත්වාසීන් හට ජනප‍්‍රියවාදී ජාතිකවාදී දේශපාලනයක් සිදු කරමින් ගෝලීය ධනේෂ්වරය සමග අතයට ගනුදෙනු කිරිමේ ස්වරූපයෙනි. එහි ප‍්‍රතඵලයක් ලෙස ලාංකීය දේශපාලනය සංස්කෘතිය හා සමාජය තුලින් ඔද්දල් වන පල්වන ස්වරූපයක් ගම්‍ය වේ.

මානවයා ස්වකීය පැවැත්ම සදහා යෙදෙන අනවතර අරගලය තුල අභ්‍යන්තරව හා බාහිරව ඇතිවන ගැටුමේ ප‍්‍රකාශනය සංස්කෘතිය නම් වේ. එබැවින් සංස්කෘතිය ජිවීය. ගතිකය. එහෙත් අද්‍යතන ලාංකීය අධිපතිවාදී මතවාදයේ ප‍්‍රයත්නය එය ස්ඵටීකරණය කිරිමය. එහි නෛසර්ගික චලිතය අහුරා වැලක්විමටය. සමලිංගිකයින් වැනි ආන්තික ප‍්‍රජාවන් පිලිබද ඔහුන්ගේ එළඔුම් වලින් විශද වන්නේද එයමය. පාලක පන්තිය විසින් හසුරුවන ලබන ජනමාධ්‍ය විසින් සමලිංගිකයින් කුඩා දරුවන් අපයෝජනය කරන ගෝනිබිල්ලන් ලෙස රූපනය කරන්නේත් අනුරුද්ධ ප‍්‍රදීප් වැනි ඇකඩමික් බුද්ධිමතුන්, අධිපති සංස්කෘතවාදය වෙනුවෙන් පෙනි සිටින්නන් සමලිංගිකයින්ට එරෙහිව තර්ජනාගුලිය එසවෙන්නේත් එහා ප‍්‍රතිඵලයක් ලෙසය.

සමලිංගිකත්වය යනු රොමෑන්තිකව හො ලිංගිකව සමාන ලිංගිකයන් වෙත ආකර්ෂනය වීමය. එය ප‍්‍රතික්ෂේප කලයුතු හො මර්ධනයකල යුතු හො ජීවී චර්යාවක් නොවේ. එය මනුෂ්‍යාගෙන් පරිබාහිර සත්ව කොට්ඨාස තුල ද විශද වන්නාවු ලිංගික චර්යාවකි. එහෙත් ලාංකික සමාජය තුල එය රූපාන්තරණය වන්නේ ප‍්‍රතිකාර ලබා ගතයුතු බැහැර කල යුතු චර්යාවක් ලෙසය. එනම් අධිපති මතවාදය හසුරුවන්නන් හෝමොෆොබියාවෙන් පෙලෙන්නන් බවය.

පුරුෂොත්තමවාදී කතිකාවක් සහිත මේ දුපත තුල සමලිංගිකත්වය යන්න අර්ථකථනය වනනේද පුරුෂයන් පුරුෂයනට ආකර්ෂනය වීමක් ලෙසය.ශී‍්‍ර ලාංකීය දණ්ඩ නීති සංග‍්‍රහයේ සමලිංගිකත්වය යන්න දක්වා අත්තේ පුරුෂයන් අතර තදබල අශෝබන කි‍්‍රයා ලෙසය . එහි ස්තී පාර්ශවය පිලිබද කතිකාව වුවමනාවෙන්ම හකුලාගනී. පුරුෂොත්තමවාදී සමාජයක් තුල මහා සාධකය වන්නේ පුරුෂයාය. පුරුෂත්වය මැනෙන්නේ ස්තීත්වය මගින්ය. තමන්ගෙන් විකර්ෂනය වු කෙල්ලන් පෙන්වා මම අරකිට වැඩේ දුන්නාය කියන මහා පුරුෂයන් දුපත තුල අඩුවක් නොමැත. ස්ත්‍රිය පුරුෂයාට පිටුපාමින් තවත් ස්ති‍්‍රයක් හා ආකර්ෂනය වීමේ ලිංගිකත්වය ඊට හසු නොවන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. එහෙත් සැබෑව ලංකාවේ පිරිමි සමකාමීන්ට වඩා ස්තී‍්‍ර සමකාමීන් ප‍්‍රතිශතාත්මකව වැඩි බවය.ස්ති‍්‍රයකගේ පරම විනදනය ස්වකිය පිරිමි ලිගුව තුල අතැයි සිත සිටි ලාංකීය පිරිමිනට ඩිල්ඩෝවක් එතනට ආදේශ වීම දරාගත නොහැකි වීම අරුමයක් නොවේ.

ප‍්‍රධාන සංස්කෘතික ධාරාවේ මතවාදය හසුරුවන ඒකාධිකාරීන් විසින් (ඇකඩමික් උගතුන් , ජනප‍්‍රිය ආගමික දේශකයින්....) ලිංගිකත්වය සහ ඊට අනුයාත වු සියල්ල් වාරණය කෙරෙමින් පවතී. කලාව තුල ලිංගිකත්වයේ ප‍්‍රකාශනය තහනම්ය.(බ්ලු ෆිල්ම් නැතිනම් ප්‍රොනෝගැෆි යනු ද කලාවක් බව මේ මුග්ධයින්ට නොතේරේ.) අධ්‍යාපනය තුලදී ද ලිංගික අධ්‍යාපනය අත්තනෝමතික ලෙස අහුරා දමා ඇත. ඉනුදු නොනැවතී පුද්ගල ලිංගික චර්යාවන්ට අත පොවන මට්ටමට එය දිගුවී ඇත. පාලක පන්තිය සහ එහි මතවාදය හසුරුවන්නන් ලිංගිකත්වය හදුනා ගැනෙන්නේ නිෂේධාත්මක වශයෙන් සහ පාලනය කල යුත්තක් ලෙසිනි. සමලිංගංකත්වය වැනි ප‍්‍රස්තුතයකදී මොහුන්ගේ ප‍්‍රධාන තර්කනය වන්නේ එය අපේ සංස්කෘතිය හා නොගැලපෙන බවයි. එකී මුඛ්‍ය තර්කනයම ඔහුන්ගේ අල්පශැතභාවය ප‍්‍රකාෂ නොකරන්නේද? පරීපුර්ණ , නොකෙළසුනු ශුද්ධ වු සංස්කෘතීන් නොමැති අතර ප‍්‍රාථමික වන්නේ පැවැත්මයි. සංස්කෘතිය ගතිකය. විවාහ සංස්ථාවේ විකාශනය පමනක්ම මේ සදහා සෑහේයැයි හැගේ. ව්‍යාභිචාරය , සමුහ විවාහ , බහු පුරුෂ බහු භාර්යා , ඒක විවාහ , අද්‍යතනයේ සමලිංගික විවාහ ලෙස එකී විකාශනය තුලම ලිංගිකත්වයේ චලිතයන් හදුනාගත හැක. ඉන් ගම්‍ය වනුයේ එක් එක් යුගයන්හී දි නැතිනම් නිෂ්පාදන අවධීන්හීදි එක් විවහ සංස්ථාවක් නැතිනම් ලිංගික චර්යාවක් ප‍්‍රබල වු බව විනා අවශේෂයන් නොපැවති බවද නොවේ. ආගමික තර්කනයේදී සමලිංගිකත්වය බැහැර කරනුයේ දුෂ් කි‍්‍රයාවක් නැතිනම් පාපතර වුවක් ලෙස සලකාය.එහෙත් ආගමික සංස්ථාව තුල (බෞද්ධ , කි‍්‍රස්තියානි...) නම් සමලිංගිකත්වයට පොලඔවන ජීවී සාධක කෙසේ වෙතත් පාරිසරික සාධක නම් බහුල බවකිව මනාය.

සමලිංගික ප‍්‍රජාවට ඔහුන්ටම අනන්‍ය වු සුවිශේෂි දේශපාලන සමාජීය ගැටලුන් පවතී.ප‍්‍රධාන ධාරාව තුල ස්වකීය ලිංගික අනන්‍යතාවය ප‍්‍රකාශ කල නොහැකි වීම , එනිසාම ඇතිවන ආතතිය , තම අයිතීන් ස්ථාපනය කරගත නොහැකි වීම ආදී අනන්‍ය ගැටඵ සමුච්චයක් සමලිංගික ප‍්‍රජාවට ඇත. ඔහුන් ප‍්‍රධාන දාරාවෙන් ධ‍්‍රැවීයකරනය නැතිනම් ආන්තීකරනය කරනු වෙනුනට ප‍්‍රධාන ධාරව සමග අන්තර් සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමට සැලසිය යුතුය. ලංකාවේ ප‍්‍රධාන දේශපාලන ධාරව සදහා විරොදාකල්ප ප‍්‍රකාශවන නමුදු ප‍්‍රධාන ධාරාවේ සංස්කෘතක තර්කනය විරෝධාකල්ප වලින් තොරය. ශුෂ්කය. පටු ජාතිකත්වය , ආගම්වාදය තුල සංස්කෘතික චින්තනය සිරකරමින් එය පල්වන්නට හැරීමට අධිපතිවාදීන් සමත් වී ඇත. මක් නිසාද යත් සිදුවන ඕනෑම චලිතයක් බලය පිලිබද අවිනිෂ්චිතතාවයකට හේතු විය හැකි බැවිනි. අතැම් දේශපාලඥඥයින්ට ද සමලිංගික චෝදනා එල්ලවද්දී ඔහුන ඒ සදහා දැක්වුයේ නිහඩ හෝ මගහැරීමේ ප‍්‍රතිපදාවය. එය මෙම ප‍්‍රජාවන්ට ප‍්‍රධන ධාරාව සමග ගැටීමට ඇති නොහැකියාව විශද කරයි.

ශි‍්‍ර ලංකාව තුල සමලිංගිකත්වය නෛතිකව තහනම් වුවකි. ඒ යටත්විජිතවාදී නෛතික රාමුව තුලය. පුද්ගලයා ස්වකීය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ප‍්‍රයත්න දැරිමේ දී පවත්නා නිෂ්පාදන බලවේගයන් නියෝජනය කරන නීති රීති සම්ප‍්‍රදායන් සමග ගැටිමේ දී වඩා සංකීර්ණ සමාජ සම්බන්ධතාවයන් නිෂ්පන්න වන අතර නව නීතිරීති උපුටා ගත යුත්තේ ඒ මත පදනම් වෙමිනි. ලංකාව තුල කාලයක් තිස්සේ උත්කර්ෂවත් නොට උත්තරාරෝපනය කොට ඔජ දමන සිංහල සංස්කෘතියේ අද්‍යතන ස්වරූපය වික්ටෝරියානු සංස්කෘතවාදයේම පිලිබිබුවකි. පියානෝ කකුල් ද රෙදි වලින් වැසු වික්ටෝරියානු සංස්කෘතියද චලනය වෙමින් සමලිංගිකත්වය අනුයද්දී යටත්විජිතවාදයට අධිරාජ්‍යවාදයට එරෙහිව ගිරියපුප්පා විරෝධය පාන දේශපේ‍්‍රමීන්ට සිය සමාජීය ප‍්‍රජාවකගේම ගෙල සිර කිරීම සදහා අධිරාජ්‍යවාදීන්ගේ නීතීන් හී සරණ යන්නට සිදුවීම උත්ප‍්‍රාසයක් නොවන්නෙද? ලාංකික සංස්කෘත ඒකාධිකාරීන්ට අද ඉතිරිව ඇත්තේ කෙල්ලන් කලිසම් ඇදිය යුතු උස තීරනය කරමින් ජංගිය පෙනීම වලක්වා ලීම පමනී.

උඩු රුවුල්වාදී මහා පුරුෂයන් වරණය කෙරෙන , දේශපාලඥඥයාගේ ෂුරුෂ ශක්තිය මැනීමට ඔහුගේ දරුවන් ගනන ගනින ජන සම්මතවාදයක් තුල සමලිංගික දේශපාලනයක් පිලිබද යෝජනා කිරිමද විහිඵවක් වියහැක. වෙනස් කොට නොසැලකිය යුතු බව සහ වෙනස් කොට සැලකිය හැකිද යන්න සමලිංගික දේශපාලනයේ පදනම් තර්කයයි. විවාහයට පෙර ස්තී‍්‍රන් කිහිපදෙනෙකුගේවත් රසබලා තමන් විවාහවන ස්තී‍්‍රයගේ කන්‍යාභාවය සොයන සුපිරිසුසු සංස්කෘතික උරුමය තුල සමලිංගිකයින් කොලුකාරයින් , ආප්ප ගසන්නියන් ලෙස ආන්තික වීම අරුමයක් ද නොවේ. පාලක පන්තීන් සංස්කෘතික චලිතයන් වලක්වා එය ස්ථතීකරනය කරන විට අධස්ථ ව්‍යුහයම වෙනස් කොට උපරි ව්‍යුහය වෙනස් කරම් හො කල්ලන්ට කලු විසදුම් , සමලිංගිකයින්ට සමලිංගික විසදුම් නැතයි පවසමින් නොසිට ප‍්‍රධාන ධාරාව සමග ගැටිය යුතු නොවන්නේද?