Friday, June 29, 2012

සිංහල කොටියා




දකුණේ
සිංහල බොදු ගොවි
මම
උඔ වෙනුවෙන්
පහනක් 
පත්තු කලා


වැට මායිමේ
ඇල්බීසියා පදුරු අතෙර
දකුණේ පොලොවෙන් මතු වු
යක්මලක් හෙවත් නියගලා මලක්
බුදුන්ට නොපිදු අතින්
පැන් නොඉසම
පහන පසෙකින් වුවා

නොපෙනෙන දෙවියන්ට
තේවාව කල
වැඩිහිටියන්ට
මහවිරු මතකය ට
කෝවිල් වල
සිනු හැඩවීම
තහනම් කලද
කිටි කිටියේ තෙරපි 
එකා පිට එකා වැටි
නිසරු පොලොව
ලෙයින් සහ මසින්
සරු කලවුන් වෙනුවෙන්
ගැසුවෙමි පන්සලේ ලොකු ඝණ්ටාරය
ලොකු හාමුදුරුවන්ට හොරෙන්

සල්වාර් හැද
ලස්සනට නලලලේ
පොට්ටු තැබු 
කෙල්ලන් හා
වේට්ටිය ඇදි කොල්ලන්
වෙනුවෙන්
උඔ කල සටනේ
මතකයේ සොහොන් කොත් 
ඩෝසර් විය
කුරහන් සාටකයක් නොවුනෙන්
ඒ මත

පසාවුනු නලලත
පසෙක කෙස් රොද
නොමියෙන ඇස් වල දීප්තිය
දන්කො කෙනෙකි 
නුඔ
ගිනි ගහන හදවතින්

ප‍්‍රභාකරන්
මම
උඔට ආදරෙයි


Friday, April 13, 2012

කවියෙක්


තලා පෙලා
මිරිකා
ඇටයටම
හප වෙන්නට
යුෂ උරා
විසිකර දැමු
ජිවිතය
උහුලා

පිටු පෙරලු
කෙසෙග අතින්
ශීර්ෂය
පිරිමැද
ඔද්දල්
ඔලු ගෙඩියේ
කැකෑරෙන
සියල්ල
එලියට
ඇද දමා

පසෙක
වැතිර හුන්
ස්තිරියාවට
හොරෙන්
තුරුලු කොටගත්
පුල්ස්ටැප් කොල මත
දිගු පේලි 
තදබදව
තෙරෙපන විට

ස්තිරියාව
සෙමෙන් 
එහෙත් දෘඩව
පවසයි
ලොකු ලිපි එපා
ලියාපන් කෙටියෙන්

ජිවිතය ද 
කවි ද
කෙටි වු නිසා
මම
දැන්
කවියෙක්

Thursday, April 5, 2012

මල්වර දා


කිලෝ ගනනක් බර
පාසල් බෑගය
උහුලා
වද වින්ද
උරහිස්

තරුණ හා නාකි
ගැහැනු පිරිමින්ගේ
දහඩියට පෙගි
රලු ස්පර්ශයන්ගෙන්
ඉරිගිය
පුස් කෑ
සටහන් පොත්
වන පොත්
කරමින්
කලු ලෑල්ල පුරා 
චෝක් කැබැල්ලෙන්
කුරුටු ගාමින්
උලුක් කල
දඔරගිල්ලෙන්
ඔලුගෙඩියට තෙරපු
දැනුමෙන්
කකියන මස්තිස්කය

ගැටවර පිරිමින්ගේ
ලඔ දෙන ආසාවන්
පස්ස පැත්තෙන්
උහුලා
ලංගම යේ
තෙරපි තෙරපි
කෙඩෙත්තු වු
නොමේරු සිරුර

කොහු මෙට්ටය
මත
දිගෙලි කොට
බකමුණු හොරා් ගනනක්
පසුකොට
කුණු කෙල සමග
සැහැල්ලුවට 
විදාහල
දෙකකුල් අතර
තෙත් ගතිය
පිරික්සු 
ඇගිලිවල
ලේ පුසුඔ

කඩිමුඩියේ
සුදුහුණු උලා
පිරයම් කල
ගෙපැල
පොලියට ගත්
මුදලින්
ජයටම මගුල් කා
කිලියන්නට
කහ වතුරෙන්
සොදාහල
දෙතිස් කුණු
සහ
බිද දැමු
කල ගෙඩිය

සාය හැට්ටය
යටසාය
යටකලිසම
මදිවට
පැම්පස්
අන්දන
ගලායන
කුණු  ලේ
ඉතිරි කර ගත යුතුය
පොගන්නට
නැන්දම්මගේ
සුදු
සිල් රෙද්ද

Monday, March 19, 2012

විමලේ


වම
දකුණ
අතර
අතරමන් වු
සෙස්සන්ට
ශුද්ධ වු
වම
නුඔය

සිගිරියට ද නොගොස්
නුඔ ඇද්ද
දර දිය වලට
නොසැලකු උන්ට
උරුම විය
දෙකඩ වීමම

වීදිය බණ්ඩාර
පරපුරේ
ප‍්‍රවේණි උරුමයි
නුඔ

කොචොක් දමන
අමන
තරුණ කැලට
ටිකට් නැති
නාට්‍ය
බෝ ගනනක්
පෙන්නපු

ජෙල් තට්ටු
දියවි
මුහුණ පුරා
තෙලෙන් දෙන
දිස්නය
පිස දමන
ටිෂු කඩදාසිය
රට රකින
මතු පරපුරේ උරුමය

ජි-මේල් ද ගූගල් ද
ලප් තැනම ලොප් කර
බොම්බේ ලූනු නොකන
ඩොලර් දුටු විට
වමනේ දමන

සුදෝ සුදු
සරම
කමීසය
යටින් ඇති
අමුඩය
අපේ
හෙල උරුමය

අප ලන
බෙටි
මෙන් නොව
විමලේ
උඔ ලන
බෙටි ද
පුසුඔය දේශප්‍රෙමයේ

Saturday, February 4, 2012

වෙනස්වීම


"යනව අයිසෙ පන්තියෙන් එලියට.......මම ඇදල දාන්න ඉස්සර...අම්මල තත්තලගෙ සල්ලි කාබාසිනිය කරනව මදිවට අපෙත් නම් කැත කරන්න එනව.
තමුසෙට මම කී දවසක් කියල තියෙනවද......කොහෙද ඉතින් කාලකන්නි කම කොහොම වහන්නද....."

දන්තනාරායන සර් ගිරිය කඩාගෙන කෑගහනව. ඒ මනුස්සයගෙ මූණ රතු පාට වෙල, ඇස් නළලට දුවල ලොකුවෙච්ච ඇස් දෙකෙන් ලේ නහර ඉලිප්පිල පේනව.

"මොකද අපි ගුරුවරු දණ ගහල කිවුවත් බලු නකුටු වල ඇද අරින්නයැ.."

"දන්තයට පුපුරන්න මල පැනල වගෙ.."

පංතියෙ මේස පේලියෙ මැද මේසෙ බිත්තිය කොනට වෙල බිත්තියට හෙත්තු වෙල හරහට වාදිවෙච්ච ප්‍රියංකර ඉස්සරහ පේලියෙ බිංදුවගෙ කනට කරල හිමීට කිවුව.
ගෑනු ලමයින්ගෙ පැත්තෙ දෙවැනි පේලියෙ හිටිය නිසන්සලා මෙච්චර වෙලා ඇරං හිටපු කට වහගත්තෙ මැස්සෙක් වියතක් විතර දුර ඉදං බ්රේක් පාරක් ගහගෙන ආපු සද්දෙ ඇහිල.

"අඩෝ උඹ දන්නෑ මචං බාසා පන්තියෙන් විසුවුනේ කොහොමද කියල. මේං උගේ පොත් ටික."
අරවින්ද බාසගෙ දෙකට නවල තිබුන පොත් දෙක ඉස්කොලේ හාදයෙකුට පෙන්න පෙන්න පංතියෙ සිද්දිය කියන්න පටන් ගත්තෙ බයිසිකලේ පොල්ලට හේත්තු වෙල කොකාගල කඩේ හන්දියෙ වලට සෙට් වෙන්න හදන ගමන්.
බාස උගේ හරි නම ප්‍රබුද්ධ. ඉතින් ඉදල හිටල ඌට ඉස්කෝලෙ මතක් වෙලා ඉස්කෝලෙ පැත්තෙ ආවම ගුරුතනතුරු වලට සුප්‍රබුද්ධ මහරජාණොවත් මතක් වෙනව.
සමහර දවස් වලට මිනිහ ඉස්කෝලෙ පටන් ගත්තට පස්සෙ පංතියට එන්නෙ විදපු දකුණු කණ පංතිබාර මිස්ට පේන්න නොදෙන්න බෙල්ල ඩිංගිත්තක් නවාගෙන කන්පෙත්ත
අතුල්ල අතුල්ල. බෙල්ලයි කොන්දයි නවල උඩු ඇහිබැමි ගාවින් මිස් දිහා බලල කට්ට හිනාවක් දැම්මට ඌ මාර බුලට් එක තමයි. පොර වෙන්න ඕන දෙයක්. දවසක් කිං,
ඒ කියන්නෙ ඉස්කෝලෙ ලොකුයි කියල හිතාගෙන ඉන්න ගැන් එකේ ලොක්ක ආරියරත්න හෝල් එකේ දෙවෙනි තට්ටුවෙ ඉදන්  බිමට පැනපු වෙලාවෙ නෝන්ඩියෙන් බේරිල මං
පොර වෙන්න මුලු ගැන් එකම කිංව ෆලෝ කරපු වෙලාවෙ බාසත් පැනල කකුල උලුක්කු කරගෙන සති දෙකක් තිස්සෙ උගේම ගන් එකෙන් නෝන්ඩි වෙවි හිටිය.

"අම්මට උඩු කින්ට නං ඉතින් බෝතලයක් කැඩුවොත් උගුරු දෙකයි."

"අඩෝ ඒකට බාසයි, චම්පයි.. මූඩිය නාහෙට ඇල්ලුවත් වෙරිවෙන්නෙ හතර ගාතෙන් යන්න.."

කොකාගල කඩේ හන්දියෙ හතර වටෙන් සද්ද පිරිල තියෙන්නෙ ක්ලාස් ඉවර වෙලා වලට සෙට් වුන උන්ගෙනුයි, බසුයි වාහනයි එනකන් බලන් ඉන්න උන්ගෙනුයි.

"ඇයි අර කරාබුවක් කියල මොකක්දෝ උලක් කනේ ගහගෙන ඉන්නෙ. මට හිතෙනව වෙලාවක ඒක බෙල්ලෙ ඇනෙයි කියල."
බකස් ගාල හිනා පාරක් ආවෙ පේස්ටි කඩේ ඉස්සරහ තමුං එක්කන් යන්න තාත්තල අම්මල එනකන් බලාගෙන හිටපු කෙල්ලො සෙට් එකකින්. සහතිකයි කතාව බාස ගැන වෙන්න ඕන. යකඩො මූ පොර වෙච්ච තරම. බලු දම්වැලක් කරේ එල්ලගෙන-උපුටා ගැනීම දන්තෙ සර්ගෙ ශබ්ද කෝෂයෙන්- සෙන්ට් නාල කරාබුවක් දාගෙන ඉස්කෝලෙ නිවාඩුව හින්ද තට්ටෙත් ගාගෙන පොත් ටික දෙකට නවාගෙන පන්තියට ආපු ටිකට මූ මාර පොර. දන්තෙ සර්ට වැඩිම ප්‍රශ්නෙ උනේ ඌ ප්‍රබුද්ධ උන එක ගැන. හතර වටෙන් පටි එල්ලිච්ච මහත මාලෙ පේන්න බොත්තම් ගලවගෙන කලු අත් කොටට නවල තිබුන ෂර්ට් එකයි සුදු පාට බෝට්ටු සෙරප්පු දෙකයි මුගේ ප්‍රබුද්ධ කමට බාධා වෙනවයි කියලයි සර් කියුවෙ.

"අපි ජීවත් වෙන්න ඕන සර්ට ඕන විදියටද....." උගේ හැකර කට වෙලාවට වැඩ කරා. ඌ අවුට් ඔෆ් ද ක්ලාස්…

"පව්" සමහර කෙල්ලො එහෙමත් කිවුව. ඉදල හිටල කෙල්ලො ඉස්සරහ කලිසන් කකුල උස්සල ලගදි ගහගත්තු පච්චෙ පෙන්න පෙන්න
 මං පොර කතා කීවට එයා හරි හොදයි කියල සමහර කෙල්ලො කිවුවෙ ඌ යථාර්තෙ ගැන එහෙම සිරාවට විස්තර කර කර බරසාර කථා
 කියන හින්ද වෙන්න ඇති. …………………..

"මේ බූරුවොන්ට වැදගත් විදියට හැදෙන්නෙ බෑනෙ"

දන්තනාරායන මිස් තමන්ගෙ පිගානට පරිප්පු ටිකක් බෙදද්දි සර් කිවුවා.

"හිතන්න පුලුවන් හොද හැදියාවක් තියෙන ළමයි නම් ඔහොම හැදෙයියැ. අඩුම තරමිං ඇදුං ටිකවත් පිලිවෙලට..."

දන්තෙ සර් නෝනට පන්තියෙ සිද්දිය කිවුවෙ තද වෙච්ච පාර මූඩ් අප්සට් ගහල බාගෙට පන්තිය නවත්තල ගෙදර ආපු ගමන්මයි.

"කොහෙද ඉතින් දැං එකෙකුට පාරක් ගහන්නවත් පුලුවනෑ.. මොන අයිතිවාසිකම්ද මොනාද නෙ.. මුං පිස්සොනෙ, රස්තියාදුකාරයො වගේ.. ලමයියැ..අපේ පන්ති වලට එනකොට අපිටත් ලැජ්ජයිනෙ.. නැද්ද මං අහන්නෙ. මට නං ඔය රස්තියාදුකාරයොත් එක්ක කතා කරන්නත් අප්පිරියයි"
නෝනත් හිමීට ඔලුව වැනුව.

"තාත්ත අනික් මිනිස්සුත් තාත්ත වගේ කරගන්න හදනව. අනුන්ගෙ ජීවිත ඇතුලෙ තාත්තව හොයනව.
 දැක්කෙ නැති උනාම හරි හොයාගන්න බැරි උනාම හරි වටේ ඉන්න අයට පුප්පනව."

නිමන්ති රංගගෙ අක්කට ඉක්කාවක් ආව. තාත්තගෙ ඇස් උඩ ගියා.
"පුතා..." අම්මගෙ වචනෙ ඉවරවුනෙ කතාව නවත්වන්න තරවටවකුත් එක්ක.

ඒක නං ඉතින් පුදුම වෙන්න දෙයැක්යැ...."නිදහසෙ කතා කරන අයවලුන් මර්ධනය කල යුතුය."- අපේ දේශපාලනයෙ පැවැත්ම තීරනය වන සාධකය..එහෙම නැත්තන් අපේ ලොක්කන්ගෙ ආදර්ශ පාඨය... සර්යි මිසුත් වුනත් උන්ට මනාපෙ දෙන උන්නෙ.. ඒ කියන්නෙ ඒක ඒගොල්ලගෙත් ආදර්ශ පාඨෙ.  මරු… මරේ මරු..........

"ඇයි තාත්තට හිතන්න බැරි ඔය තාත්තල අම්මල හැදිච්ච හැටියෙ වරද කියල.. වැදගත් කියල මොකක්ද එකක් හදල ඒකෙ ඇතුලෙ අනික් උන්ට ජීවත් වෙන්න කියනව.. මිනිස්සු කැමතියි නිදහසේ ජීවත් වෙන්න.. කවුරුවත් කියන විදියට නෙවෙයි.. ඔයගොල්ලො තව ඕව උගන්නනවත් එක්ක.. ඒ කියන්නෙ අපිත් එක්ක ජීවත් වෙන තවත් කොටසක් කොන් කරන්න උගන්නනව...තාත්ත හොදට මතක තියාගන්න..."
රංගගෙ කටට වචන ගලාගෙන ආවට ඌට හිතුන තාත්තට මේව කියල වැඩක් නැති බව. අවුරුදු පනහක් විතර තිස්සෙ ඔහේ ගලාගෙන ගියපු සමාජ සම්ප්‍රදායක් හිස්මුදුනෙ පුරවගෙන උදේ හවා නමස්කාර කරන මිනිසුන්ට මිනිස්සුන්ගෙ නිදහස ගැන මොන පැහැදිලි කිරීම්ද......

"මෙයා දන්න දේවල්" නිමන්ති රංග දිහාවට අත දික් කරගෙන හිනා වෙනව. තාත්ත කට පියාගෙන කෑම කනව.

"එහෙම නැතුව කොහොමද හලෝ හොද රස්සාවක් කරන්නෙ.. තමුසෙ ඉතින් ගොවි මහත්තයනෙ.. අමුඩෙ ගහගෙන මඩේ ලැගල ඉන්න...."
රංග අක්කත් එක්ක වාදෙට නොගියෙ දිනන්න බැරි බව දන්න නිසා. කටේ බලේට සේරම යටයි. ගොයම් කොලේට මුවාවෙල වෙඩි තිවුව කතාව මතකනෙ.. නිමන්ති තමයි දැන් බාලිකාවෙ හෙඩ් ෆ්‍රිෆෙක්ට් සහ ඩිබෙට් ටීම් එකේ ලීඩර්..   ඉතින් අර රංග මොනව කරන්නද........

රෑ කලාමැදිරි සද්දෙ විතරයි... නෑ හිතත් කෑගහනව. හීනෙන් වගේ සර්ට ඇහුන.

"අනුන්ගෙ ජීවිත ඇතුලෙ තාත්තව හොයනව........" 

සර් උදේ පාන්දර එලියට බහින කොට අල්ලපු ගෙදර ජගත් ගේට්ටුව ගාව බයිසිකලෙ පැනපු චේන් එක දානව. මිනිහ අලුත් හෙයා ස්ටයිල් එකක් හොයාගෙන... කොන්ඩෙ මැදින් තීරුවක් නලල ගාව ඉදන් පිටිපස්සෙ බෙල්ල ගාවටම තඹ කරල.. ආම් කට් එක නිසා දකුණු අතේ ගහල තිඋනු මකර පච්චෙ සිරාවට පේන්න තිබුන.
"හා... ඉලන්දාරිය  කොහොමද ඉතිං.... ගුඩ් මොර්නින්........"

-නදීශ කරුණාරත්න-