Thursday, November 24, 2011

සරත් එන් සිල්වා , අධිකරණ ස්වාධීනත්වය සහ ප්ලේබියානුවෝ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුල ගැටීම සදහා ඇති අවකාශය නොඑසේනම් විවාදය සහ සංවාදය නිර්මාණත්මකව දෘෂ්‍යමාන කල හැකිය. හුදී ජනයා අතර සිදුවන්නාවූ අදහස් ගලනයක් වෙනුවට පක්ෂ සහ ජනමිධ්‍ය විසින් ගැටීම් නිර්මාණය කිරීමත් ඒ හරහා ජනයා නරඔන්නෙකුගේ භූමිකාව තෙක් විස්ථාපනය කිරීමත් එහි නිසග ස්වභාවයයි. අධිකරණ ස්වාධීනත්වය සහ සරත් එන් සිල්වා මුලික කොට ගනිමින් ගොඩනැගුන සහ ගොඩනැගෙමින් පවතින ප‍්‍රවාදයන් විචාරයට පාදක කරගත යුත්තේ ද එවැනි පරාමිතියකි.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා එම ධුරය හෙබවු කාලය තුල කටයුතු කල ආකාරය විමර්ෂනය කොට පාර්ලිමේනතුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා පාර්ලිමේනතු තේරීම් කාරක සහාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් පසුගියදා ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් හරහා කතානායකවරයාට භාරදෙනු ලැබීය.බැලු බැල්මට මෙය නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම , අධිකරණ ස්වාධීනත්වය ඇති කිරීම ආදී තරු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශ්වාස කරන්නාවු ආණ්ඩු පක්ෂය විසින් පුරවැසියාට ස්වකීය වගවීම සහතික කරනු පිනිස ගනු ලබන සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රයත්නයකි.නොඑසේනම් වික්ටර් අයිවන් කියන්නා සේ හිටපු අගවිනිසුරුගේ කි‍්‍රයාකලාපය හරහා අගතියටපත් අසාධාරණයටපත් පාර්ෂවයනට සාධාරනයක් ඉටුවේයැයි අපේක්ෂාවන් දල්වා ගතහැක් ප‍්‍රයත්නයකි.

මෙහි තත්්‍ය ස්වභාවය නම් අනෙකා තුල ස්වකීය ආධිපත්‍ය ස්ථාපිත කිරිම සදහා රාජපක්ෂ පාලනය තුල ඇත්තාවු දෘඩභාවයයි. මෙම ආණ්ඩුව යනු රාජපක්ෂවරුන්ම වන නිසාවෙන් ආණ්ඩුව කේවල සංරචකයන් නැතිනම් පුද්ගලයන්ම අනෙකා බවට පත්කර ගැනීමට ලොල් වු ස්වභාවයක් විශද වේ. එය සරත් ෆොන්සේකා , සරත් එන් සිල්වා ,හො ලසන්ත වික‍්‍රමතුංග විය හැකිය. රාජපක්ෂ න්‍යෂ්ටියට අවශෝෂණය කරගත නොහැකි අනෙකා මත ආධිපත්‍ය පිහිටුවීමට රාජපක්ෂවරුන්ට අවශ්‍ය වේ. සරත් එන් සිල්වා මහින්දගේ දේශපාලන න්‍යාය පත‍්‍රයට අනුගත වුයේ නම් මෙවැනි ගැටඵවකට ඔහුට මුහුන දීමට සිදුනොවනු ඇත. ඔහුටද චන්දන කති‍්‍රආරච්චි , මර්වින් සිල්වා , දුමින්ද සිල්වා වැනි සුපිරි සමාජීය සත්වයකු වීමට ඉඩ තිබුනි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනා ලැබ සිටි සරත් එන් සිල්වා අග‍්‍රවිනිෂ්ච්‍යකාර ධුරය දක්වා ඔසවා තබනුයේ චන්ද‍්‍රිකා පාලනය වසිනි. චන්ද‍්‍රිකා පාලනයේ අවසාන අදියර තුල මහින්ද දෙසට නැඔුරුවන සරත් එන් සිලවා සිය ධූරයේ අවසාන කාලයේදී රාජපක්ෂවරුන් සමග ගැටුම් ඇති කරගනී . සවකීය ආණ්ඩුවෙි මර්ධන යාන්ත‍්‍රණය සරත් එන් සිල්වා හරහා අධිකරණය තුල ප‍්‍රශ්න කිරිමකට භාජනය නොවද්දී ඔහුට හුරේ දැමු සහ තමන්ගේ එකෙකු බවට පත්කරගත් පාලනය විසින්ම ගැටීම සිදුවූ මුල්ම අවස්ථාවේදීම ඔහු අනෙකා බවට පත්කර ගනිමින් පහර දීම අරඔයි.සරත් එන් සිල්වා අනෙකා ලෙස ස්ථාපනය වඩාත් ස්ථිර වනුයේ පසුගිය ජනාධිපතිවරනයේදී පොදු අපේක්ෂකයා යන භුමිකාව රූපිකව හදුනාගත නොහැකිව ෆොන්සේකා ද සිල්වා ද යන්න අවිනිෂ්චිතව තිබු මොහොතේය.එහි ප‍්‍රතිඵලය ලෙස සරත් එන් සිල්වා විරුද්ධ දේශපාලනය තුල ස්ථානගතවන අතර ඉන් අනතුරුව එලෙඔනුයේ දේවත්වය හො සාතන් සමග ඒකත්වයට පත්වීමේ කාලපරිච්ජේදයයි. රාජපක්ෂවරුන් ද? අනෙකා ද? එහි සරල වරණයයි.

හිටපු අගවිනිසුරුවරයාට එරෙහිව ගොනුකරන චොදනා පත‍්‍රය තුල ඔහු බලය අත්තනෝමතිකව සහ අනිසි ලෙස උපයෝජනය කිරීම නිසාවෙන් අධිකරණය අපකීර්තියට පත්වීම , අධීකරණ ස්වාධීනත්වය , නීතියේ ආධිපත්‍ය පිහිටුවීම හා සුරක්ෂණය කඩාවැටනු බව ආණ්ඩු පක්ෂයේ යෝජනාවයි. එහි උත්ප‍්‍රාසය වනුයේ නීතියේ ආධීපත්‍ය තුට්ටුවකට මායිම් නොකරමින් එය කඩා වැටීමට සැලැස්වු සහ ඊට රුකුල් දෙන පාලන තන්ත‍්‍රය විසින්ම මෙම යෝජනාව ගෙන ඒමය. අගවිනිසුරු ලෙස සරත් එන් සිල්වාගේ භුමිකාව දේශපාලනීකරණය වූ සහ කුනුවී ඔ්ජස් ගලන්නක් බවට සැකයක් නොමැත. ගොඩනැගි ඇති දේශපාලන ක‍්‍රමය තුල අධිකරණය සහ විධායකය අතර ඇත්තේ අන්තර් පරායත්තතාවයකි. පස්සා දොරින් සිදුවන ගනුදෙනු ඊට අඵත් දෙයක් නොවේ. සරත් එන් සිලවා කලේ එහි නිරුවත මහපාරට ගෙන ඒම පමනී. අද්‍යතන ලාංකීය සමාජය සම්මුඛ ප‍්‍රජාතන්ත‍්‍රවාය සහ සමාජය අතර ගැටුම පුද්ගල කේන්ද‍්‍රීය ස්වරූපයෙන් ඔබ්බට දිව යන්නකි. මෙකී ගැටුමේ ස්වරූපය වනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජය යන සංරචකයන් එකිනෙකින් විකර්ෂණය වීමයි. සරත් එන් සිල්වා සම්බන්ධයෙන් මතු කෙරන සියඵම චෝදනාවන් පරිභ‍්‍රමණය වනුයේ බලය අනිසි ලෙස අත්තනෝමතිකව උපයෝජනය කිරිම යන කේන්ද‍්‍රය වටාය. එය ව්‍යුහමය ගැටලුවකි. පුද්ගලයාගෙන් ඔබ්බට දිවයන ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආයතනික ව්‍යුහයේ සහ ආකෘතියේ ස්ථාපනයේ සහ විකාශනයේ ගැටඵවකි.

කේන්ද‍්‍රීය රටවල් විසින් සූරාකෑම සහ අවශෝෂණය පදනම් කරගනිමින් පරිදියේ රටවල් වෙත ස්වකීය අධිරාජ්‍යවාදී හස්තය දිගුකරන මොහොතේ ලංකාව යනු වැඩවසම් රාජ්‍යයකි. ඉන් හැගවුම්කරනුයේ භූමිය හා බැදුනු සම්බන්ධතාවයේ දෘඩභාවයයි. අනම්‍යභාවයයි. සමාජීය ජීවන පැවැත්ම සහ චර්්‍යාවන් නිර්නය වී තිබුනේ භූමිය හා සැබැදි සම්බන්ධතාවයන් මගිනි. ධනේෂවරය ගෝලිය මට්ටමින් ස්ථාපනය කිරිමේ ප‍්‍රතිඵලයක් ලෙස බලහත්කාරයෙන් එනම් තුවක්කුවේ සහ මුදල් බලයෙන් ලාංකීය සමාජයේ භුමිය හා සැබැදි සම්බන්ධතාවයන් ඛණ්ඩනය කරමින් ්එහි චලිතය වෙනස් කරනු ලැබීය. ඉන් අනතුරුව ස්ථාපනය කෙරෙන ධනේෂ්වර ආර්ථිකය එහි අතිධාවනකාරි ස්වභාවය නිසාම ඉන් නිර්නය කෙරෙනාවු සමාජ ජීවිතය හුදී ජනයාට ෙඵෙනද‍්‍රීය වුවක් නොවේ. එහෙත් සංසරණය සදහා ලත් අවකාශයෙන් ධනේෂ්වර ආර්ථිකය හා සමගාමි ජීවන විලාසිතාව අවශෝෂණය කරගැනිමට සමත් වු සුඵතර කුලකයක් නිර්මානය වේ. කේන්ද‍්‍රීය රටවල ධනේෂ්වරය විසින් ස්වකීය නග්න සුරාකෑමේ සහ මර්ධනයේ ක‍්‍රමෝපායන්ගෙන් විගමතික වෙමින් බලය පවරා දෙනු ලබන්නේ මෙම ස්වදේශිය ධනේෂ්වර කුලකයටය. ඉන් එළෙඔන කාලපරිච්ජේදය තුල කේන්ද‍්‍රීය රටවල ධනපති පන්තිය ස්වකීය ගෝලිය අභිමථාර්තයන් ඉෂ්ට කරගැනීම සදහා උපයෝජනය කරගනු ලැබුවේ ඔහුන් විසින් පරිධියේ රටවල බිහිකලාවූ හො ඔහුන් විස්ථාපනය කල අර්ථක‍්‍රමයෙන් නිෂ්පන්න වූ ස්වදේශිය ධනේෂ්වර කුලකයන්ය.

කේන්දී‍්‍රය රටවල ධනේෂ්වරය සහ දේශීය ධනේෂ්වරය අතර බලහුවමාරුව සිදුවන අවස්ථාවේදි ලාංකීය සමාජ දේහය ඒකමතික වුවක් නොවේ. එය ගැඔුරු සමාජීය බෙදීම් සහිත වුවකි. එකි මුල්බැසගත් සමාජීය බෙදීම් විදේශිය ධනේෂ්වරය විසින් ස්වකීය බලව්‍යාපෘතීන් සදහා කළමනාකරනය කරගත් බුහුටි බවෙන්ම දේශීය ධනේෂ්වරය විසින් ද කළමනාකරනය කරගනු ලැබීය. ගැඔුරු සමාජීය ඛණ්ඩනයන් ,භේද්‍යතාවයන් අභන්තරිකව ස්වකීය කුලකයේ ආරක්ෂාව සදහා සුඵ පිරිසක් වෙත බලය විස්ථාපනය කරනු ලබයි. දේශීය ධනේෂ්වරය විසින් හසුරුවනු ලබමින් සිටින්නේ පොු ජනයා විශේෂයෙන්ම සිංහලයා එලෙස විස්ථාපනය කරනු ලැබු බලයයි. බි‍්‍රතාන්‍යන් විසින් ස්ථාපනය කරනු ලැබු ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආයතන ව්‍යුහය සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගනු ලැබුවේ මෙම දේශීය ධනේෂ්වර පන්තියයි.එය සාමාන්‍ය ජනතාවගෙන් දුරස්ථකරනය වුවක් බවට පත්විය. එහි නෛසර්ගික ප‍්‍රථිඵලය වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ එකී ආයතන ධනේෂ්රයට වඩාත් පහසුවෙන් ස්වකීය මෙවලම් බවට අරගලයකින් තොරවම පත්කර ගැනීමට හැකිවීමය.
නිදහස යන ව්‍යාජොක්තියෙන් වරගන්වනු ලදුව දේශීය සහ විදේශීය ධනේෂ්වරය අතර බලය හුවමාරුව සිදුවන අවස්ථාවේ ලාංකීය සමාජයේ පැවති භේද්‍යතාවයන්ගේ ප‍්‍රකාශනය 71 , 88/89 , දකුණේ සිංහල අවිගත් ප‍්‍රකාශනය සහ උතුරේ අවිගත් ප‍්‍රකාශනයන් තුල විශද වේ. මේ කි‍්‍රයා සන්තතීන් හරහා සිදුවුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වීමට සහ පෝෂණය වීමට ඇවැසි සන්නිවේදනය බිදවැටිමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ආයතනික ව්‍යුහයක් හො ආණ්ඩු ක‍්‍රමයක් පමනක් නොවේ. එය ජීවන ක‍්‍රමවේදයකි. ප‍්‍රජතන්ත‍්‍රවාදය ගොඩනැගෙනුයේත් ශක්තිමත්වනූයේත් එහි පාදක ව්‍යුහය වනුයේත් පොදු ජනතාව සහ සකී‍්‍රය සමාජ සංවාදයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආයතන පද්ධතිය සහ ජනතාව අතර සකී‍්‍රය සමාජ සංවාදයන් ගොඩනැගිය යුතුය. එය ස්වරූපයෙන් සංජෛවී විය යුතුය. එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතියේ සිට ජනතාව වෙතටත් ජනතාවගේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආයතන පද්ධතිය වෙතටත් පෝෂණාත්මක ගලනයක් සිදුවිය යුතුය. එනම් අනතර් පෝෂණාත්මක පැවැත්මක් වර්ධනය විය යුතුය. ග‍්‍රන්වි කීවාක් මෙන් අන්තර් පරාගනයක් සිදුවිය යුතුය. එහෙත් ලාංකීය සමාජය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපනය කිරිමේදි සහ විකාශනය විමේදි මෙම පරාමිතීන් පාදක නොවීම නිසාවෙන්ම එහි අවියෝජනීය ගැටඵවලට මුහුණ පෑමට සිදුවී ඇත. එහි ප‍්‍රථිඵලයක් ලෙස අද්‍යතන ලාංකීය සමාජ දේහය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු මුඛ්‍ය කාරනාවක් නොවේ. එය දෙවන පන්තියේ නැතිතම් අවශේෂ කාරනාවකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආයතන ධන්ෂ්වරයේ මෙවලම් බවට පත්වීම නිසාවෙන් පොදු ජනතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආයතන අතර ගොඩනැගිය යුතු සහබන්ධූත්වය , සහජීවනය වෙනුවට ජනතාව පෙලන පාගාදමන උපකරණයන් බවට පත්විය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුල සංවාදයට භාජනය කෙරෙන්නාවු අධිකරණ ස්වාධීනත්වය වැනි ප‍්‍රස්තුතයන් ලාංකීය සමාජ පදනමකින් කියවීමේදි එය හදුනා ගැනෙනුයේම වියුක්ත සංක්පයක් ලෙසිනි. අධිකරණ ස්වාධීනත්වය හුදකලා සංකල්පයක් ලෙස ගත නොහැකි අතර එය සංගත නැතිනම් සමෝධානය වු මෙම ක‍්‍රමයේම ඒකකයක් පමනී. ලංකාව තුල දේශීය ධනේෂ්වරය ස්වකීය බලය ස්ථාපිත කිරිමේදී විදේශීය ධනේෂ්වරය හරහා උරුමවුනු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ එකී ව්‍යුහයන් ඇටවුමක් ලෙස තිබෙන්නට හැරියා මිස ශක්තිමත් මහජන පදනමකින් යුතුව වර්ධනය කිරිමට ප‍්‍රයත්න දරනු නොලැබීය. දේශිය ධනේෂ්වරය විසින් ස්වකීය කුලකයේ බලය තහවුරු කිරිමට අදාල දේශපාලන ක‍්‍රමය භුමිය තුල දැඩිව ස්ථාපිත කලා පමනක් නොව ව්‍යවස්තාපිත කොට ඊට සුජාතභාවයක්ද ලබාදෙනු ලැබීය. පොදු දේපල කොල්ලකන ධනය සහ බලය ඇත් සුඵ පිරිසකට පමනක් දේශපාලනයේ යෙදිය හැකි සහ ඊටම අනන්‍ය වූ මහජනතාවද සුඵපරිමාණ කොල්ලකරුවන් ජාවාරම්කරුවන් බවට පත්කරන ක‍්‍රමවේදයක් ලාංකීය ධනේෂ්වරය විසින් නිර්මාණය කරගනු ලැබීය. ඒ අනුව ජතාව වෙතින් විස්ථාපනය වු බලය විධායකය වටා සංකේන්ද‍්‍රණය වු අතර එය අධිකරණයට හො ව්‍යවස්ථාධායකයට වගනොකියන සුපිරි ස්ථරයකට ඔසවා තබනු ලැබීය. එහි ප‍්‍රථිඵලය වුයේ වයවස්ථාධායකයට සහ අධිකරණයට ස්වකීය බල වපසරියන් විධායකයේ අභිමතය පරිදි නිර්ණය කරගැනීමට සිදුවීමය. එනම් බල පිරමීඩයේ අසහාය ආධිපත්‍යධාරියා බවට විධායකය පත්වීමය. මෙකී අසමතුලිත බල පිහිටීමම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනම් දෙදරවීමට ප‍්‍රමාණවත් වේ.

මහජන මතය යන සංකල්පයම සාවද්‍ය වුවකි. මක්නිසාද යත් බලය ඇති ධනය ඇති නැතිනම් ආර්ථික පදනමට හිමිකම් කියන ධනේෂ්වර පන්තිය විසින්ම මෙම මහජන මතය හසුරුවන බැවිනි. මහජන මතය සදහා සුවිශේෂි බලපෑමක් කලහැකි බුද්ධිමය පන්තිය ස්ථානගතවනුයේද වඩාත් හොදින් තම පැවැත්ම තහවුරු කරගත හැකි ධනේෂ්වර පන්තිය සමග වන බැවින් අනුකාරකවාදීන් වන පොදුජනතාව හරහා සජීවී සමාජ සංවාදය නිර්මාණය කරගත හැක්කේ කෙසේද යන්න අප අභිමුඛ ගැටඵවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වන අරගලවලදීද බුද්ධිමය පන්තිය ධනේෂ්වර පන්තිය කෙරෙහි වශ්වාසය තැබීමේ සුවිශේෂි නැඔුරුතාවක් දක්නට ලැබේ. සජීවී සංවාදය යන්නෙන් විගමතික වෙමින් ව්‍යවස්ථාමය නීති පැනවීම් හරහා ප‍්‍රජාතනත‍්‍රවාදය සහ ආයතනික ව්‍යුහය ශක්තිමත් කරගත හැකිබව ඔහුනගේ විශ්වාසයයි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සිදුවු අකරතැබ්බයෙන් පෙනෙනුයේ ධනේෂ්වරය වසින් සංවිධානාත්මක මහජනතාවක් නොමැති වු කල්හී ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා ගත් ඉදිරිගාමී පියවරයන් පවා සුපුරුදු අවස්ථාවාදී ලෙසින් අපසරණය කරනු ලබන බවයි. එහෙත් ලාංකීය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ආයතනික ව්‍යුහය මේ දේශපාලන ක‍්‍රමයේ සාධනීය වෙනසකින් ප‍්‍රශස්ත මට්ටමට ගෙන ආ හැකිවුවත් පොදු ජනතාව සම්බන්ධ නොවන එවැනි ඔ්නෑම සාධනීය ප‍්‍රයත්නයක් පවා කඩාවැටීමට ඇත්තේ වැඩි ඉඩප‍්‍රස්ථාවකි.

මේ සදහා ආලොකයක් රෝමයේ ප්ලේබියන්වරුන්ගේ අරගලයෙන් ලබාගත හැක. රෝමයේ ප්ලේබියන්වරු (පොදු ජනතාව) ස්වකීය මතය ප‍්‍රභු කොන්සල්වරයකු හරහා නිරූපනය නොවු බැවින් ප්ලේබියානු කොන්සල්වරයකු පත්කරගැනීමට උත්සුක විය. ප්ලේබියානු අරගලයේ ප‍්‍රථිඵලයක් ලෙස ප්ලේබියන් කොන්සල්වරයකු පත්කර ගැනීමට ඔහුන් සමත් වුවත් ප්ලේබියන්වරු සහ ප‍්‍රභුන් යන දෙකොට්ඪාශයම විශ්වාස කල ආගමික තර්කනය උපයෝගි කරගනිමින් ප්ලේබියන් කොන්සල්වරයා රූකඩයක් බවට පත්කර ගනිමට ප‍්‍රභුන්ට හැකිවිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු මහජනතාවයි. මහජන අරගලයකින් දිනාගන්නා වු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වුවද මහජනතාව විචාරශීලි නොවිමේ අවියෝජනීය ප‍්‍රථිඵලයක් ලෙස අපසරණයට ලක්වන බව ප්ලේබියන් සිද්ධිය දෙස්දේ.එබැවින් සජීවි සංවාදයක් නොමැතිව ප‍්‍රජාතක්ත‍්‍රවාදය සදහා කෙරෙන්නාවු සෑම අරගලයක්ම පුස් වෙඩිලි බවට පත්වනු ඇත.

Friday, November 18, 2011

ලුබ්රිකේටන් ඡෙල් වලට සහ ඩිල්ඩෝ වලට ලංකාව බය ඇයි.?

‘ලංකාව යනු ශූද්ධ වු දේශයකි. එහි මැරයින්, කූඩුකාරයින්, ජාවරම්කාරයින්, ගණිකාවන් හෙවත් බඩු, සමලිංගිකයන් නැත. මක්නිසාද යත් මෙය බුදුන්ගේ දේශය වන බැවිනි. ’

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදි අධිපතිව මතවාදයේ අද්‍යතන හැඩය එබදුය. හිට්ලර් ප‍්‍රමුඛ නට්සිවාදීන් පිරිසිදු ආර්්‍ය ජනතාවක් සහිත ජර්මනියක් බිහිකරන්නට කැස කැව්වා සේම මෙහිද ප‍්‍රයත්නය ආර්්‍ය ජනතාවක් , ආර්්‍ය සංස්කෘතියක් සහිත ශුද්ධ වු දේශක් බිහිකරන්නටය. නට්සීන්ගේ ස්වස්ථිකය වෙනුවට සිංහයා ආදේශ වී ඇත. සිංහලයා පාදක කොට ගනිමින් අන්‍ය වාර්ගිකයින් හා සංස්කෘතීන් බැහැර කෙරෙන මර්ධනය කෙරෙන පාගා දමන දේශපාලන සංස්කෘතීක ධාරාවක් පාලක පන්තීන් විසින් හසුරුවන ලබන අධිකාරි මතවාදයන් හරහා ස්ථාපිත කෙරෙමින් පවතී.

සිංහල අධිපතිවාදී මතවාදය සැලකිය යුතු කාලයක් තිස්සේ අවිච්චින්නව පැවති අතර එහි සූවිශේෂි ඛණ්ඩනයක් සිදු නොවුනි. අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතවාදයට සමගාමිව ධර්මපාලයන් වැනි පුද්ගලයන් හරහා ගොඩනැගෙන සිංහල බෞද්ධ මතවාදය අද්‍යතන සමාජ වටපිටාව තුලද පාලක පන්තීන්හී සිතැගියාවන් නියෝජනය කරයි. ධනේෂ්වරය විසින් ලෝක මට්ටමින් වු යටත් විජිතවාදී ස්වරූපී මර්ධන යාන්ත‍්‍රණය හකුලා ගනිමින් දේශීය ධනපති පන්තිය සමග සම්මුතිගාමී වෙමින් දේශීය ධනපතීන්ට බලය පවරා දෙනු ලැබීය. දේශීය ධනපති පන්තිය නියෝජනය කලේ රෙද්ද අස්සේ මහත්වරුන්ය.

රජු , භූමිය , කුලය පදනම් කොට ගත් වැඩවසම් ස්වරූපය අධිරාජ්‍යවාදීනගේ ආගමනයත් සමග පරිවර්තනයකට ලක් වන අතර ඔහුන්ගේ ධනේෂ්වර ආර්ථිකයට අදාල සේවා සැපයීම මගින් දේශීය ධනපති පන්තියක් බිහි වේ. කරාව , සලාගම , දුරාව වැනි පීඩිත කුලයන් ද අරක්කු රේන්ද , ලී බඩු වැනි ව්‍යාපාරයන් හරහා ස්වකීය සාම්ප‍්‍රදායික වැඩවසම් ස්වරුපයන් සමග ගැටෙමින් දේශීය ධනපති පන්තිය තුල පැලපැදියම් වේ. ඔහුනගේ දු පුතුන් යුරෝපකරයට ගොස් අධ්‍යාපනය ලබා ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරයන් සහිතව මෙරටට පැමින විදේශීය පාලන තන්ත‍්‍රය ව්‍යුත්පන්න කරමින් පාලනය සදහා ස්වදේශී ධනපති පන්තිය ආදේශ කිරිමට උත්සාහ ගනී.

ස්වදේශී ධනපති පන්තිය දේශපාලනික වශයෙන් ස්ථාවර වීමේදී මුලික ස්වරූපයන් දෙකක් විශද වේ. කලිසම් කෝට් අගලා ගත් ක්‍රොම්පදෝරු ධනේෂ්වරය සහ ජාතික ඇදුම (?* ඇගලා ගත් ජාතික ධනේෂ්වරයයි. මේ දෙකොට්ඨාශයම ලාංකීය භුමිය තුල වැඩවසම් සම්බන්ධතාවයන් කුඩුකර ෙඓතිහාසිකව පැවරෙන ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියට ගෙන යාමට අපොහෙසෙති වෙි. එහි උත්ප‍්‍රාසය වන්නේ වාචිකව හො මාක්ස්වාදය මත පදනම් වුවායැයි ඉන් නිෂ්පන්න වුවායැයි සැලකෙන දේශපාලන හා සමාජ ව්‍යාපරයන් ද ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉදිරි ගමන සදහා උරදෙනු වෙනුවට සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය තුලම ලඝු වීමය. දේශීය ධනපතීන් සිංහල ස්වෝත්තමවාදය යොදා ගන්නේ ස්වකීය බලය තහවුරු කර ගැනීමේ සහ ව්‍යාප්ත කිරිමේ පදනමෙනි. එනම් කොන්ඩම් තියරියෙනි. රාජපක්ෂ පාලනය යනු එහි කූටප‍්‍රාප්තියයි.

දේශීය ධනපති පන්තියේ අධ්‍යාශය වී ඇත්තේ තට්ටු මාරු ක‍්‍රමයට බලය ලබා ගනිමින් දෙන දෙයක් කා බී වෙන දෙයක් බලා සිටින්නා වු යටත් වැසියන් පිරිසක් බිහිකර ගැනීමය. එනිසා ඔහුන්ට මෙහි වැඩවසම් සම්බන්ධතාවයන් පුපුරුවා දැමීමේ වුවමනාවක් නොමැත. ඔහුන්ගේ පාලන උපක‍්‍රමය පදනම් වී ඇත්තේ දුපත්වාසීන් හට ජනප‍්‍රියවාදී ජාතිකවාදී දේශපාලනයක් සිදු කරමින් ගෝලීය ධනේෂ්වරය සමග අතයට ගනුදෙනු කිරිමේ ස්වරූපයෙනි. එහි ප‍්‍රතඵලයක් ලෙස ලාංකීය දේශපාලනය සංස්කෘතිය හා සමාජය තුලින් ඔද්දල් වන පල්වන ස්වරූපයක් ගම්‍ය වේ.

මානවයා ස්වකීය පැවැත්ම සදහා යෙදෙන අනවතර අරගලය තුල අභ්‍යන්තරව හා බාහිරව ඇතිවන ගැටුමේ ප‍්‍රකාශනය සංස්කෘතිය නම් වේ. එබැවින් සංස්කෘතිය ජිවීය. ගතිකය. එහෙත් අද්‍යතන ලාංකීය අධිපතිවාදී මතවාදයේ ප‍්‍රයත්නය එය ස්ඵටීකරණය කිරිමය. එහි නෛසර්ගික චලිතය අහුරා වැලක්විමටය. සමලිංගිකයින් වැනි ආන්තික ප‍්‍රජාවන් පිලිබද ඔහුන්ගේ එළඔුම් වලින් විශද වන්නේද එයමය. පාලක පන්තිය විසින් හසුරුවන ලබන ජනමාධ්‍ය විසින් සමලිංගිකයින් කුඩා දරුවන් අපයෝජනය කරන ගෝනිබිල්ලන් ලෙස රූපනය කරන්නේත් අනුරුද්ධ ප‍්‍රදීප් වැනි ඇකඩමික් බුද්ධිමතුන්, අධිපති සංස්කෘතවාදය වෙනුවෙන් පෙනි සිටින්නන් සමලිංගිකයින්ට එරෙහිව තර්ජනාගුලිය එසවෙන්නේත් එහා ප‍්‍රතිඵලයක් ලෙසය.

සමලිංගිකත්වය යනු රොමෑන්තිකව හො ලිංගිකව සමාන ලිංගිකයන් වෙත ආකර්ෂනය වීමය. එය ප‍්‍රතික්ෂේප කලයුතු හො මර්ධනයකල යුතු හො ජීවී චර්යාවක් නොවේ. එය මනුෂ්‍යාගෙන් පරිබාහිර සත්ව කොට්ඨාස තුල ද විශද වන්නාවු ලිංගික චර්යාවකි. එහෙත් ලාංකික සමාජය තුල එය රූපාන්තරණය වන්නේ ප‍්‍රතිකාර ලබා ගතයුතු බැහැර කල යුතු චර්යාවක් ලෙසය. එනම් අධිපති මතවාදය හසුරුවන්නන් හෝමොෆොබියාවෙන් පෙලෙන්නන් බවය.

පුරුෂොත්තමවාදී කතිකාවක් සහිත මේ දුපත තුල සමලිංගිකත්වය යන්න අර්ථකථනය වනනේද පුරුෂයන් පුරුෂයනට ආකර්ෂනය වීමක් ලෙසය.ශී‍්‍ර ලාංකීය දණ්ඩ නීති සංග‍්‍රහයේ සමලිංගිකත්වය යන්න දක්වා අත්තේ පුරුෂයන් අතර තදබල අශෝබන කි‍්‍රයා ලෙසය . එහි ස්තී පාර්ශවය පිලිබද කතිකාව වුවමනාවෙන්ම හකුලාගනී. පුරුෂොත්තමවාදී සමාජයක් තුල මහා සාධකය වන්නේ පුරුෂයාය. පුරුෂත්වය මැනෙන්නේ ස්තීත්වය මගින්ය. තමන්ගෙන් විකර්ෂනය වු කෙල්ලන් පෙන්වා මම අරකිට වැඩේ දුන්නාය කියන මහා පුරුෂයන් දුපත තුල අඩුවක් නොමැත. ස්ත්‍රිය පුරුෂයාට පිටුපාමින් තවත් ස්ති‍්‍රයක් හා ආකර්ෂනය වීමේ ලිංගිකත්වය ඊට හසු නොවන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. එහෙත් සැබෑව ලංකාවේ පිරිමි සමකාමීන්ට වඩා ස්තී‍්‍ර සමකාමීන් ප‍්‍රතිශතාත්මකව වැඩි බවය.ස්ති‍්‍රයකගේ පරම විනදනය ස්වකිය පිරිමි ලිගුව තුල අතැයි සිත සිටි ලාංකීය පිරිමිනට ඩිල්ඩෝවක් එතනට ආදේශ වීම දරාගත නොහැකි වීම අරුමයක් නොවේ.

ප‍්‍රධාන සංස්කෘතික ධාරාවේ මතවාදය හසුරුවන ඒකාධිකාරීන් විසින් (ඇකඩමික් උගතුන් , ජනප‍්‍රිය ආගමික දේශකයින්....) ලිංගිකත්වය සහ ඊට අනුයාත වු සියල්ල් වාරණය කෙරෙමින් පවතී. කලාව තුල ලිංගිකත්වයේ ප‍්‍රකාශනය තහනම්ය.(බ්ලු ෆිල්ම් නැතිනම් ප්‍රොනෝගැෆි යනු ද කලාවක් බව මේ මුග්ධයින්ට නොතේරේ.) අධ්‍යාපනය තුලදී ද ලිංගික අධ්‍යාපනය අත්තනෝමතික ලෙස අහුරා දමා ඇත. ඉනුදු නොනැවතී පුද්ගල ලිංගික චර්යාවන්ට අත පොවන මට්ටමට එය දිගුවී ඇත. පාලක පන්තිය සහ එහි මතවාදය හසුරුවන්නන් ලිංගිකත්වය හදුනා ගැනෙන්නේ නිෂේධාත්මක වශයෙන් සහ පාලනය කල යුත්තක් ලෙසිනි. සමලිංගංකත්වය වැනි ප‍්‍රස්තුතයකදී මොහුන්ගේ ප‍්‍රධාන තර්කනය වන්නේ එය අපේ සංස්කෘතිය හා නොගැලපෙන බවයි. එකී මුඛ්‍ය තර්කනයම ඔහුන්ගේ අල්පශැතභාවය ප‍්‍රකාෂ නොකරන්නේද? පරීපුර්ණ , නොකෙළසුනු ශුද්ධ වු සංස්කෘතීන් නොමැති අතර ප‍්‍රාථමික වන්නේ පැවැත්මයි. සංස්කෘතිය ගතිකය. විවාහ සංස්ථාවේ විකාශනය පමනක්ම මේ සදහා සෑහේයැයි හැගේ. ව්‍යාභිචාරය , සමුහ විවාහ , බහු පුරුෂ බහු භාර්යා , ඒක විවාහ , අද්‍යතනයේ සමලිංගික විවාහ ලෙස එකී විකාශනය තුලම ලිංගිකත්වයේ චලිතයන් හදුනාගත හැක. ඉන් ගම්‍ය වනුයේ එක් එක් යුගයන්හී දි නැතිනම් නිෂ්පාදන අවධීන්හීදි එක් විවහ සංස්ථාවක් නැතිනම් ලිංගික චර්යාවක් ප‍්‍රබල වු බව විනා අවශේෂයන් නොපැවති බවද නොවේ. ආගමික තර්කනයේදී සමලිංගිකත්වය බැහැර කරනුයේ දුෂ් කි‍්‍රයාවක් නැතිනම් පාපතර වුවක් ලෙස සලකාය.එහෙත් ආගමික සංස්ථාව තුල (බෞද්ධ , කි‍්‍රස්තියානි...) නම් සමලිංගිකත්වයට පොලඔවන ජීවී සාධක කෙසේ වෙතත් පාරිසරික සාධක නම් බහුල බවකිව මනාය.

සමලිංගික ප‍්‍රජාවට ඔහුන්ටම අනන්‍ය වු සුවිශේෂි දේශපාලන සමාජීය ගැටලුන් පවතී.ප‍්‍රධාන ධාරාව තුල ස්වකීය ලිංගික අනන්‍යතාවය ප‍්‍රකාශ කල නොහැකි වීම , එනිසාම ඇතිවන ආතතිය , තම අයිතීන් ස්ථාපනය කරගත නොහැකි වීම ආදී අනන්‍ය ගැටඵ සමුච්චයක් සමලිංගික ප‍්‍රජාවට ඇත. ඔහුන් ප‍්‍රධාන දාරාවෙන් ධ‍්‍රැවීයකරනය නැතිනම් ආන්තීකරනය කරනු වෙනුනට ප‍්‍රධාන ධාරව සමග අන්තර් සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමට සැලසිය යුතුය. ලංකාවේ ප‍්‍රධාන දේශපාලන ධාරව සදහා විරොදාකල්ප ප‍්‍රකාශවන නමුදු ප‍්‍රධාන ධාරාවේ සංස්කෘතක තර්කනය විරෝධාකල්ප වලින් තොරය. ශුෂ්කය. පටු ජාතිකත්වය , ආගම්වාදය තුල සංස්කෘතික චින්තනය සිරකරමින් එය පල්වන්නට හැරීමට අධිපතිවාදීන් සමත් වී ඇත. මක් නිසාද යත් සිදුවන ඕනෑම චලිතයක් බලය පිලිබද අවිනිෂ්චිතතාවයකට හේතු විය හැකි බැවිනි. අතැම් දේශපාලඥඥයින්ට ද සමලිංගික චෝදනා එල්ලවද්දී ඔහුන ඒ සදහා දැක්වුයේ නිහඩ හෝ මගහැරීමේ ප‍්‍රතිපදාවය. එය මෙම ප‍්‍රජාවන්ට ප‍්‍රධන ධාරාව සමග ගැටීමට ඇති නොහැකියාව විශද කරයි.

ශි‍්‍ර ලංකාව තුල සමලිංගිකත්වය නෛතිකව තහනම් වුවකි. ඒ යටත්විජිතවාදී නෛතික රාමුව තුලය. පුද්ගලයා ස්වකීය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ප‍්‍රයත්න දැරිමේ දී පවත්නා නිෂ්පාදන බලවේගයන් නියෝජනය කරන නීති රීති සම්ප‍්‍රදායන් සමග ගැටිමේ දී වඩා සංකීර්ණ සමාජ සම්බන්ධතාවයන් නිෂ්පන්න වන අතර නව නීතිරීති උපුටා ගත යුත්තේ ඒ මත පදනම් වෙමිනි. ලංකාව තුල කාලයක් තිස්සේ උත්කර්ෂවත් නොට උත්තරාරෝපනය කොට ඔජ දමන සිංහල සංස්කෘතියේ අද්‍යතන ස්වරූපය වික්ටෝරියානු සංස්කෘතවාදයේම පිලිබිබුවකි. පියානෝ කකුල් ද රෙදි වලින් වැසු වික්ටෝරියානු සංස්කෘතියද චලනය වෙමින් සමලිංගිකත්වය අනුයද්දී යටත්විජිතවාදයට අධිරාජ්‍යවාදයට එරෙහිව ගිරියපුප්පා විරෝධය පාන දේශපේ‍්‍රමීන්ට සිය සමාජීය ප‍්‍රජාවකගේම ගෙල සිර කිරීම සදහා අධිරාජ්‍යවාදීන්ගේ නීතීන් හී සරණ යන්නට සිදුවීම උත්ප‍්‍රාසයක් නොවන්නෙද? ලාංකික සංස්කෘත ඒකාධිකාරීන්ට අද ඉතිරිව ඇත්තේ කෙල්ලන් කලිසම් ඇදිය යුතු උස තීරනය කරමින් ජංගිය පෙනීම වලක්වා ලීම පමනී.

උඩු රුවුල්වාදී මහා පුරුෂයන් වරණය කෙරෙන , දේශපාලඥඥයාගේ ෂුරුෂ ශක්තිය මැනීමට ඔහුගේ දරුවන් ගනන ගනින ජන සම්මතවාදයක් තුල සමලිංගික දේශපාලනයක් පිලිබද යෝජනා කිරිමද විහිඵවක් වියහැක. වෙනස් කොට නොසැලකිය යුතු බව සහ වෙනස් කොට සැලකිය හැකිද යන්න සමලිංගික දේශපාලනයේ පදනම් තර්කයයි. විවාහයට පෙර ස්තී‍්‍රන් කිහිපදෙනෙකුගේවත් රසබලා තමන් විවාහවන ස්තී‍්‍රයගේ කන්‍යාභාවය සොයන සුපිරිසුසු සංස්කෘතික උරුමය තුල සමලිංගිකයින් කොලුකාරයින් , ආප්ප ගසන්නියන් ලෙස ආන්තික වීම අරුමයක් ද නොවේ. පාලක පන්තීන් සංස්කෘතික චලිතයන් වලක්වා එය ස්ථතීකරනය කරන විට අධස්ථ ව්‍යුහයම වෙනස් කොට උපරි ව්‍යුහය වෙනස් කරම් හො කල්ලන්ට කලු විසදුම් , සමලිංගිකයින්ට සමලිංගික විසදුම් නැතයි පවසමින් නොසිට ප‍්‍රධාන ධාරාව සමග ගැටිය යුතු නොවන්නේද?