Saturday, December 3, 2011

ඉටිපන්දමක්...

එහි තිබුණු
අඩක් දැල්වුණු
ඉටිපන්දමක්
උන් දල්වා තිබුණා
කිසිදු අඳුරක, කිසිදු දවසක
මා නොදැල්වූ
මතක ස්නේහ තැවරුනු
ඉටිපන්දමක්
මහ දවාලේ
උන් දල්වා තිබුණා

 
-සේනාධි ගුරුගේ-

1 comment:

  1. හම්.....!කවියකට මම කැමති.. ඒක වට රවුම් කරල පාට ගාල සීනි පොඩ්ඩක් තවරල මෙන්න කියල දෙන ඒවට වඩා අමුවෙන් ගිලිනකොටත් මට ගිලුන කියල දැනෙන තාලෙ ඉලිප්පෙන කව වලට. වෙඩ්ඩගෙ කවි,ප්‍රීති ඩෝසන් ගෙ කවි, කූඹියගෙ කවි වගේ කවි වලට. උඹේ කවිත් මම අකමැති කොසට වැටුනෙ නෑ. නුඹලාට ජය!

    ReplyDelete