Saturday, December 3, 2011

අංශුපති මියදී...

අංශුපති මියදී
අංශුධාරා මැකී
ගොලුවුනු සූර්ය ගීතිකාවේ
පද නැවත ලියන්නේ කොහොමද
තුඩඟ පුපුරලා අක්ෂර තුලිකාවේ

නිම්න මියැදී
අකලුෂ අබ්ධාරාවන් සිඳි
ගොලුවුනු නිම්න ගීතිකාවේ
පද නැවත වයන්නේ කොහොමද
මළ බැදීලා ගිටාර‍යේ

ඇගෙ සුසිනිඳු වටොර මැලවී
කොපුල් තල හැකිලී
තෙත් දෙතොල මියැදී
ස්මරාසව වියැළි
මියැදුනු ස්නේහ ගීතිකාවේ

මියැදි ඇගෙ දෙතොලත්
හැකිලි ඇගෙ කොපොලත්
මීට කලෙකට මත්තෙන්
සුසිනුදු ඇගේ වටොරත්
මම නැවත තෙමන්නේ කොහොමද
මගේ දෙතොලත් වියැළී පිපාසාවෙන්





-සේනාධි ගුරුගේ-
 

No comments:

Post a Comment